එළිදරව් 6:13 - Sinhala New Revised Version 2018 අත්තික්කා ගසක් සැඩ සුළඟින් සෙලවී එහි අකල් පල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටිණි. Sinhala New Revised Version අත්තික්කා ගසක් සැඩ සුළඟින් සෙලවී එහි අකල් පල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටිණි. සිංහල කාලීන පරිවර්තනය අත්තික්කා ගහක් සැඬ සුළඟින් සොලවනු ලැබූ කල, එහි අකාල-පල ඇද හැලෙන්නා සේ අහසේ තරු පොළොවට ඇද වැටිණි. Sinhala Revised Old Version මුළු හඳද ලේ මෙන් විය; අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවී එහි අකාල ඵල වැටෙන්නාක්මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුණේය. |
අහසේ තාරකා ද ග්‍රහ මණ්ඩලය ද නො බැබළෙන්නේ ය. ඉර උදාවන විට ම අඳුරු වන්නේ ය. සඳ ද එළිය නොදෙන්නේ ය.
දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියළී ගොස් ඇත. ශාරොන් කාන්තාරයක් වී ඇත. බාෂාන් හා කර්මෙල් ගස්වලින් කොළ හැළේ.
ඉර, හඳ හා තාරකා මැලවී යන්නේ ය. අහස, අකුළන පොතක් මෙන් ඇකිළී, එහි තාරකා, මිදි වැලකින් හෝ අත්තික්කා ගසකින් හෝ වැටෙන කොළ මෙන් වැටෙන්නේ ය.
සිරියාවේ හමුදා ඉශ්රායෙල් දේශයට පිවිස සිටින බව ජුදාවේ රජුට දන්වන ලදී. එවිට රජ ද සෙනඟ ද සුළඟට සැලෙන ගස් මෙන් චංචල වූ හ.
නුඹ විනාශ වන කල, මම අහස මුවා කොට, එහි තාරකා අඳුරු කර, වලාකුළකින් ඉර වසන්නෙමි; සඳත් එහි එළිය නොදෙන්නේ ය.
උදාර, අතිභයානක දවස වන සමිඳුන්ගේ දවස, උදා වන්නට පෙර ඉර අඳුරු වන්නේ ය; හඳ ලේ පාට වන්නේ ය.
නුඹේ සියලු බලකොටු, සහමුලින් ම ඉදුණු පල ඇති අත්තික්කා ගසක් වැනි ය. ගස සෙලවූ විට එහි පල කන්නාගේ කටට වැටෙන්නේ ය.
“ඒ දවස්වල පීඩා නිම වූ කෙණෙහි ම, හිරු අඳුරු වන්නේ ය; සඳ එළිය නොදෙන්නේ ය; තාරකාවෝ අහසින් පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රම දෙදරා යයි.
“හිරු, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේ ය. මුහුදේ හා රළ පතරෙහි ඝෝෂාවෙන් වන වියවුලින් ජාතීන් හට සිත් වේදනා වන්නේ ය.
පස් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට අහසින් තාරකාවක් පොළොවට වැටී තිබෙනු මම දිටිමි. එයට පාතාල වළේ යතුර දෙන ලදී.