Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 6:13 - Sinhala Revised Old Version

13 මුළු හඳද ලේ මෙන් විය; අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවී එහි අකාල ඵල වැටෙන්නාක්මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 අත්තික්කා ගසක් සැඩ සුළඟින් සෙලවී එහි අකල් පල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 අත්තික්කා ගහක් සැඬ සුළඟින් සොලවනු ලැබූ කල, එහි අකාල-පල ඇද හැලෙන්නා සේ අහසේ තරු පොළොවට ඇද වැටිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 අත්තික්කා ගසක් සැඩ සුළඟින් සෙලවී එහි අකල් පල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 6:13
15 හුවමාරු යොමු  

මුළු අහස් සේනාව ක්ෂයවී, අහස අකුළන පොතක් මෙන් ඇකිළී, එහි මුළු සේනාව මිදිවැලෙන් වැටෙන කොළ මෙන්ද අත්තික්කා ගහෙන් වියළී වැටෙන කොළයක් මෙන්ද වැටෙන්නේය.


තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය.


පස්වෙනි දේවදූතයාද හොරණෑව පිම්-බේය, එවිට අහසෙන් තාරකාවක් පොළොවට වැටී තිබුණා දුටිමි. ඔහුට පාතාලයේ වළේ යතුර දෙනලද්දේය.


ඒක ස්වර්ගයේ සේනාව දක්වාත් මහත්වී, සේනාවෙන්ද තාරකාවලින්ද සමහරක් පොළොවට හෙළා, ඒවා පෑගුවේය.


මා විසින් නුඹ නිවන කල, අහස වසා, එහි තාරකා අඳුරුකර, වලාකුළකින් ඉර වසන්නෙමි, සඳත් එහි එළිය නොදෙන්නේය.


ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය.


සිරියවරුන් එප්‍රායිම්හි සිටින බව දාවිත්ගේ වංශයට දන්වන ලද්දේය. එවිට රජුගේ සිතද ඔහුගේ සෙනඟගේ සිතද වනයේ ගස් හුළඟට සෙලවෙන්නාක්මෙන් චංචලවුණේය.


නුඹේ සියලු බලකොටු ප්‍රථම ඵල ඇති අත්තික්කා ගස් වාගේය. ඒවා සෙලවුවොත් කන්නාගේ කටට වැටෙනවා ඇත.


ඔහු මොරගා කෑගසමින්: ගහ කපාදමන්න, ඒකේ අතුත් කපාදමා, ඒකේ කොළ සොලවාදමා, ඒකේ ඵල විසුරුවන්න. මෘගයෝ ඒක යටින්ද පක්ෂීහු ඒකේ අතුවලින්ද අහක්ව යත්වා.


දේශය ශෝකවී මැලවේ. ලෙබනොන් ලජ්ජාවී වියලෙයි. ෂාරොන් කාන්තාරයක් මෙන්ය; බාෂාන් සහ කර්මෙල් කොළ හෙළාදමයි.


මක්නිසාද අහසේ තාරකාද ග්‍රහ පංක්තිද ඒවායේ එළිය නොදෙන්නෝය. ඉර ස්වකීය ගමනේදී අඳුරුවන්නේය, සඳද තමාගේ එළිය බැබළෙන්ට නොදෙන්නේය.


ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.


තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ ඇති බලපරාක්‍රමයෝද සොලවනු ලබන්නෝය.


ඔහු මුද්‍රිකවැල මෙන් තමාගේ නො පැසුණු ඵල හෙළාදමන්නේය, ඔලීව ගස මෙන් තමාගේ මල් සොලවාදමන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්