Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 21:25 - Sinhala New Revised Version 2018

25 “හිරු, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේ ය. මුහුදේ හා රළ පතරෙහි ඝෝෂාවෙන් වන වියවුලින් ජාතීන් හට සිත් වේදනා වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 “හිරු, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේ ය. මුහුදේ හා රළ පතරෙහි ඝෝෂාවෙන් වන වියවුලින් ජාතීන් හට සිත් වේදනා වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 “ඉර, හඳ හා තාරකා තුළ ලකුණු දිස්වනු ඇත. මුහුදේ ඝෝෂාවත්, රළ ගැසීමත් නිසා වන වියවුලෙන් මිහි පිට සියලු ජාතීහු සංවේගයට පත් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 21:25
26 හුවමාරු යොමු  

අහසේ තාරකා ද ග්‍රහ මණ්ඩලය ද නො බැබළෙන්නේ ය. ඉර උදාවන විට ම අඳුරු වන්නේ ය. සඳ ද එළිය නොදෙන්නේ ය.


එවිට, හඳ අඳුරු වන්නේ ය; ඉර නොබැබළෙන්නේ ය. මන්ද, සව් බලැති සමිඳුන් රජ වන බැවිනි. එතුමාණෝ ජෙරුසලමේ සියොන් කන්ද මුදුනේ, රජකම් කරන සේක. එතුමන්ගේ තේජාලංකාරය ප්‍රජා මූලිකයන් අබිමුව ප්‍රකාශ වන්නේ ය.


තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.


තවද, ඉහළ අහසේ අරුමපුදුම දේ ද, පහත පොළොවේ ලකුණු ද දක්වාලමි. ලේ ද ගිනි ද දුම්වලාපටල ද ඇති වේ.


මම නුඹලාගේ දෙවි සමිඳාණෝ ය. මුහුද කළඹා එහි රළ පතර ඝෝෂා කරන්න සලස්වන්නේ මම ය. මාගේ නම සව් බලැති සමිඳාණෝ ය.


එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් මහා බලපරාක්‍රමයෙන් හා තේජශ්‍රියෙන් විරාජමාන ව, වලාකුළු මත වඩිනු ඔව්හු දකිති.


“තවද, ඒ දවස්වල දී දුක් ගාවිනාවලින් පසු ව, හිරු මඬල අඳුරු වන්නේ ය; සඳ මඬල එළිය නොදෙන්නේ ය.


“ඒ දවස්වල පීඩා නිම වූ කෙණෙහි ම, හිරු අඳුරු වන්නේ ය; සඳ එළිය නොදෙන්නේ ය; තාරකාවෝ අහසින් පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රම දෙදරා යයි.


සත් සමුදුර ගුගුරා කැළඹෙතත්, එයින් නැඟෙන රැළ වේගයෙන් කඳු වැටි සැලෙතත් අපට කිසි විටක බියක් නැත.


මද්දහනේ දී රට පුරා අන්ධකාරයක් පහළ විය. එය සවස තුන වන තෙක් පැවතිණි.


පොළොව දෙස බැලූ විට එය පාළු ව, හිස් ව තිබෙන බවත්, අහස දෙස බැලූ විට එහි එළිය නැති බවත් මම දිටිමි.


ඒ දවස පැමිණි විට ඔව්හු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව, මුහුද ගිගුරුම් දෙන්නාක් මෙන් ගිගුරුම් දෙන්නෝ ය. දේශය දෙස බැලූ විට දක්නට ලැබෙන්නේ අන්ධකාරය හා විපත්තිය ය. වලාකුළුවලින් එළිය අඳුරු වී ඇත.


මද්දහනේ සිට අපරභාග තුන දක්වා රට පුරා තද අන්ධකාරයක් පහළ විය.


ඔවුන්ගෙන් හොඳ ම අය වුව ද කටු ගස් හා සමාන ය. අවංක ම අය වුව ද කටු වැටකටත් වඩා නරක ය. ඔවුන්ගේ මුරකාරයන් කී දඬුවමේ දවස පැමිණ ඇත. ඔවුන් වියවුල් වන කාලය ආසන්න ය.


අන්න, බොහෝ ජන සමූහයන්ගේ ඝෝෂාවක්! මුහුදු ඝෝෂාවක් මෙන් ද මහා රළ පතර ගර්ජනාවක් මෙන් ද ඔව්හු ගිගුරුම් දෙති.


ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙ‍න් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”


අහසේ බලවේගයන් සොලවනු ලබන බැවින්, ලෝකයට සිදුවන්න යන ආපදා ගැන බලා සිටීමෙ‍න් මිනිසුන්ගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්