මේ මාලිගාවේ නටබුන් ගොඩ ළඟින් යන සියල්ලන් විස්මයට පත් ව, කවටකම් කර, ‘සමිදාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් මෙසේ කෙළේ මන්දැ’යි අසනු ඇත.
එසකියෙල් 27:36 - Sinhala New Revised Version 2018 ජනයන් අතරේ සිටින වෙළෙන්දෝ නුඹට වටකම් කරති; නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.’ ” Sinhala New Revised Version ජනයන් අතරේ සිටින වෙළෙන්දෝ නුඹට වටකම් කරති; නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.’ “ Sinhala Revised Old Version ජනයන් අතරේ සිටින වෙළෙන්දෝ නුඹට කවටකම්කරති; නුඹ භීතියක් වී තිබේ, තවත් කිසි කලක නුඹ නොසිටින්නෙහියයි කීය. |
මේ මාලිගාවේ නටබුන් ගොඩ ළඟින් යන සියල්ලන් විස්මයට පත් ව, කවටකම් කර, ‘සමිදාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් මෙසේ කෙළේ මන්දැ’යි අසනු ඇත.
එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත.
මෙසේ ඔවුන් මේ දේශය මහා භීතියට කරුණක් ද සදහට ම පිළිකුලක් ද කර ඇත. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් ව විස්මයෙන් හිස වන වනා යති.
මේ දේශය මහා භීතියකට කරුණක් ද පිළිකුලක් ද කරන්නෙමි. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් වී ඔවුන්ට සිදු වූ විපත ගැන සරදම් කරන්නෝ ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම් භීතියට හේතුවක් වන්නේ ය. ඒ අසලින් යන සියල්ලෝ විස්මයට පත් වී ඊට පැමිණ තිබෙන විපත්ති ගැන දොඩන්නෝ ය.
මාගේ කෝපය නිසා කිසිවෙක් බබිලෝනියේ ජීවත් නොවෙති. එය නටබුන් ගොඩක් වන්නේ ය. බබිලෝනිය ළඟින් යන සියල්ලෝ ම එයට සිදු වී තිබෙන දේ ගැන විස්මයට පත් ව, ඊට වූ විපත්ති ගැන ඊට නින්දා කරන්නෝ ය.
මඟ යන සියල්ලෝ නුවර හෙළා දකිති. ඔව්හු සියුරුහන් බාමින් ජෙරුසලම් පුරඟනට විරුද්ධ ව හිස් වනමින්, “ ‘ලෝකයේ අභිමානය ය; මුළු පොළොවේ ප්‍රීතිය ය’යි කියනු ලැබූ නුවර මෙය දැ”යි අසති.
මම නුඹ මුඩු පර්වතයක් කරන්නෙමි. නුඹ වනාහි දැල් ඇතිරීම පිණිස ස්ථානයක් වන්නෙහි ය; නුඹ යළිත් ගොඩනඟනු නොලබන්නෙහි ය. මක්නිසා ද, සමිඳාණන් වහන්සේ වන මම එය පැවසුවෙමි.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
“මනුෂ්‍ය පුත්‍රය, තීර් ජෙරුසලමට විරුද්ධ ව කතා කොට, ‘ඔහෝ! ජනයන්ගේ දොරටුව වන ඈ කඩාදමනු ලැබුවා ය. එය මා දෙසට ඇරී තිබේ. ඈ පාළු කරනු ලැබ සිටින නිසා මට පූර්ණකම සෑහීමට ඇති වන්නේ ය’යි සරදම් කරමින් කීවා ය.
මම නුඹ භයානක අවසානයට පත් කරන්නෙමි. නුඹ තවත් ජීවත් ව නොසිටින්නෙහි ය. නුඹව සොයා ආවත් කිසි කලක නුඹ සම්බ වෙන්නේ නැත.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”
සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.