Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 28:19 - Sinhala New Revised Version 2018

19 ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ජනයන් අතරෙහි නුඹව අඳුනන සියල්ලෝ නුඹ ගැන විස්මපත්වන්නෝය. නුඹ භීතියක් වී සිටිනෙහිය, තවත් කවදාවත් නුඹ නොවන්නෙහියයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 28:19
12 හුවමාරු යොමු  

මම නුඹ භයානක අවසානයට පත් කරන්නෙමි. නුඹ තවත් ජීවත් ව නොසිටින්නෙහි ය. නුඹව සොයා ආවත් කිසි කලක නුඹ සම්බ වෙන්නේ නැත.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


එවිට බලසම්පන්න දේව දූතයෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන, මෙසේ කියමින්, එය මුහුදේ හෙළී ය: “මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙළාදමනු ලබන්නේ ය. එය නැත්තට ම නැති වී යයි.


මම නුඹ මුඩු පර්වතයක් කරන්නෙමි. නුඹ වනාහි දැල් ඇතිරීම පිණිස ස්ථානයක් වන්නෙහි ය; නුඹ යළිත් ගොඩනඟනු නොලබන්නෙහි ය. මක්නිසා ද, සමිඳාණන් වහන්සේ වන මම එය පැවසුවෙමි.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


එතුමාණෝ රජ දරුවන් මඬින සේක. ශ්‍රේෂ්ඨ භූපතීන් තුළ බිය ඇති කරවන සේක.


සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක:


“නුඹ නොදත් රටවලට, ජාතීන් අතරට, නුඹ වහල්කමට ගෙන යන කල, මම බොහෝ ජනයන්ගේ සිත් ශෝක කරවන්නෙමි.


ජාතීන්ගෙන් ඉතා දරුණු අය වන මාගේ බලවතුන්ගේ කඩු පහරින් නුඹේ සෙනඟ විනාශ කරන්නට මම සලස්වන්නෙමි. ඔවුන් මිසරයේ අභිමානය බිඳදමනු ඇත. එහි මුළු ජනගහනය විනාශ වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්