ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.
එසකියෙල් 19:10 - Sinhala New Revised Version 2018 “නුඹේ මව දිය දහර අසල සිටු වන ලද මිදි වැලක් මෙන් වූවා ය. එහි බොහෝ වතුර තිබූ නිසා මිදි වැල බොහෝ පල දරා සරුසාර විය. Sinhala New Revised Version “නුඹේ මව දිය දහර අසල සිටු වන ලද මිදි වැලක් මෙන් වූවා ය. එහි බොහෝ වතුර තිබූ නිසා මිදි වැල බොහෝ පල දරා සරුසාර විය. Sinhala Revised Old Version නුඹේ ලේ නුඹ පිට තිබියදී නුඹේ මවු වතුර ළඟ සිටෙවු මිදිවැලක් මෙන් වූවාය. බොහෝ වතුර තිබුණ නිසා ඈ බොහෝ ඵල දැරුවාය, අතුවලින් ගැවසී ගත්තාය. |
ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.
ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය.
එය වැඩී පැතිරී යන විට මිදි වැලක් වී ය. එහි අතු රාජාලියා දෙසට වැඩී ගියේ ය. එහි මුල් ගැඹුරට ඇදී ගියේ ය. මෙසේ එහි අතු රිකිලි විහිදී මිදි වැලක් විය.
“නුඹේ මවු කවරෙක් ද? ඈ සිංහයන් මැද ලැගුම්ගත් සිංහ ධේනුවක් ය. තරුණ සිංහයන් අතරෙහි ද ඈ තම පැටවුන් ඇති කළා ය.
“දරුවෙනි, නුඹලාගේ මවුට කන්නලව් කරන්න; කන්නලව් කරන්න. ඈ මාගේ බිරිඳ නොවන්නී ද? මම ඇගේ පුරුෂයා නොවෙම් ද? ඇගේ ගණිකා බැල්ම ද තුරුල්ලට ගත් පෙම්වතුන් ද පහකරන්නැ යි ඈට කියන්න.
ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන සේක. ඒ වනාහි දිය ඇළවලින් ද, මිටියාවතින් සහ කඳුකරයෙන් පැන නඟින දිය උල්පතින් සහ පොකුණුවලින් ද ගහණ වූ රටකි.
හිඟයක් නැතිව කෑමට ආහාර ද, ඔබට අවශ්‍ය සියල්ල ද ඇති රටකි. එහි පර්වතවල යබොර ඇත, එහි කඳුවැටියෙන් තඹ කැණගන්නට පුළුවන.