Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 2:2 - Sinhala New Revised Version 2018

2 “දරුවෙනි, නුඹලාගේ මවුට කන්නලව් කරන්න; කන්නලව් කරන්න. ඈ මාගේ බිරිඳ නොවන්නී ද? මම ඇගේ පුරුෂයා නොවෙම් ද? ඇගේ ගණිකා බැල්ම ද තුරුල්ලට ගත් පෙම්වතුන් ද පහකරන්නැ යි ඈට කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “දරුවෙනි, නුඹලාගේ මවුට කන්නලව් කරන්න; කන්නලව් කරන්න. ඈ මාගේ බිරිඳ නොවන්නී ද? මම ඇගේ පුරුෂයා නොවෙම් ද? ඇගේ ගණිකා බැල්ම ද තුරුල්ලට ගත් පෙම්වතුන් ද පහකරන්නැ යි ඈට කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 නුඹලාගේ මව්ට විරුද්ධව පැමිණිලිකරන්න, පැමිණිලිකරන්න; මක්නිසාද ඈ මාගේ භාර්යාව නොවේ, මමද ඇගේ පුරුෂයා නොවෙමි. එබැවින් ඈ ඇගේ වේශ්‍යාකම් ඇගේ මුහුණෙන්ද ඇගේ කාමමිථ්‍යාචාරකම් ඇගේ පියයුරු අතරෙන්ද පහකරාවා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 2:2
22 හුවමාරු යොමු  

සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.


එබැවින් කාමමිථ්‍යාචාරික ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත්, ලේ වගුරුවන ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ඔවුන් විනිශ්චය කරන්නෝ ය. කුමක්නිසා ද, ඔව්හු කාමමිථ්‍යාචාරික ස්ත්‍රීහු ය; ඔවුන්ගේ අත්වල ලේ තැවරී ඇත.


වරද කළ නුඹ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසූ බව පිළිගන්න. මාගේ හඬට කීකරු නොවී, හැම අතුපතර ඇති ගස් යට විදේශීය දෙවිවරුන්ට නුඹේ ආදරය දුන් බව පිළිගන්න. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.


නුඹ සියලු මංසන්ධිවල නුඹේ ගිරිකුළු දේවාල ගොඩනඟාගෙන, නුඹේ ශෝභමානකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට කම් සැප සඳහා සිරුර භාර දී වේශ්‍යාකම් පිට වේශ්‍යාකම් කරගත්තෙහි ය.


සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළසේක: “මිනිසෙකු සිය භාර්යාව දික්කසාද කළ පසු, ඈ ඔහුගෙන් වෙන් වී ගොස් වෙන මිනිසෙකුගේ භාර්යාව වූවොත්, පළමු පුරුෂයා නැවත ඈ වෙත හැරී යනු ඇද් ද? එසේ කිරීමෙන් සහමුලින් ම දේශය අපවිත්‍ර නොවන්නේ ද? එහෙත්, ඉශ්රායෙලය, නුඹ පෙම්වතුන් බොහෝ දෙනෙකු සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. එහෙයින් මා වෙත හැරී එන්නට නුඹට පුළුවන් ද? මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ ය.


ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’


සමිඳාණන් වහන්සේ හොසියා මඟින් පළමු වරට ඉශ්රායෙල් සෙනඟට කතා කළ විට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් වෙසඟනක විවාහ කරගෙන ඇගේ වේශ්‍යාකමින් දරුපල ලබාගන්න. මන්ද, මේ රට සමිඳාණන් වහන්සේ කෙරෙන් වෙන් වී යාමෙන් වෙසඟනකට සමාන වී ඇත.”


“නුඹ මෙසේ කියන්න: ජුදාහි රජවරුනි, ජෙරුසලමේ වැසියෙනි, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. අසන සියල්ලන්ගේ කන් දෙදරන තරමට මේ ස්ථානය පිට මම විපත්ති පමුණුවන්නෙමි.


මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.


එවිට ‘කම්සැපෙහි යෙදීමෙන් විඩා වී සිටින ඇය වැනි තැනැත්තියක සමඟ ඔවුන් දැන් වේශ්‍යාකම් කරනු ඇද්දැ’යි ඈ ගැන මම ඇසීමි.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔවුන් විනිශ්චය කරන්න සූදානම් ද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වමින්,


“ ‘තවද, මා උදෙසා නුඹ වැදූ නුඹේ දරුදැරියන් ද රැගෙන නුඹ ඒ පිළිමවලට ආහාර මෙන් පූජා කෙළෙහි ය.


“ගොස්, ජෙරුසලමේ වැසියන්ට ඇසෙන ලෙස සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය ප්‍රකාශ කරන්න. යොවුන් වියෙහි නුඹ විශ්වාසවන්ත ව සිටි හැටිත්, භාර්යාවකට මෙන් මා නුඹට ප්‍රේම කළ හැටිත්, නොවපුළ දේශයක් වූ පාළුකරයෙහි නුඹ මා පසුපස්සේ ආ හැටිත් මම සිහි කරමි.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නොනැවතී මහ හඬින් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නඟා, මාගේ ඉශ්රායෙල් සෙනඟට ද ජාකොබ්ගේ වංශයට ද ඔවුන්ගේ වැරදි හා පව් දන්වන්න.


එසේ ජෙශ්‍රෙයෙල් හට සෞභාග්‍යවත් යුගයක් උදා වන්නේ ය. එබැවින් නුඹලාගේ සහෝදරයන්ට ‘අම්මී’ කියා ද සහෝදරියන්ට ‘රුහාමා’ කියා ද කියන්න.”


නුඹලා රෑ දාවල් දෙක්හි වැරදි පිට වැරදි කරන්නහු ය. දිවැසිවරු ද නුඹලා සමඟ එසේ ම කරති. නුඹලාගේ මාතෘ භූමියේ විනාශය නුඹලා ම ය.


සමිඳාණෝ, විසිරී ගොස් සිටින ඉශ්රායෙල් හා ජුදා සෙනඟ පොළොවේ සතර කොනින් ආපසු එක් රැස් කරන බවට ජාතීන් ඉදිරියෙහි සංඥාවක් ඔසවන සේක.


ඒ කාලයේ දී ජුදා වංශය ඉශ්රායෙල් වංශය සමඟ එක් වී උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුම කර දෙන ලද දේශයට එක් ව එනු ඇත.”


“දොරටුව බිඳින්නා ඔවුන්ට පෙරටුව යයි. ඔව්හු නගර දොරටු බිඳගෙන එයින් පිට වී යන්නෝ ය. ඔවුන්ගේ රජතුමාණන් වන සමිඳාණන් වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් යනු ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්