Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 19:9 - Sinhala New Revised Version 2018

9 ඔව්හු ඌට කොකු දමා, කූඩුවක ලා, බබිලෝනියේ රජු ළඟට ගෙනාවෝ ය. උගේ නාදය ඉශ්රායෙල් කඳුවල තවත් නෑසෙන පිණිස ඔව්හු ඌ බලකොටුවලට ගෙනාවෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔව්හු ඌට කොකු දමා, කූඩුවක ලා, බබිලෝනියේ රජු ළඟට ගෙනාවෝ ය. උගේ නාදය ඉශ්රායෙල් කඳුවල තවත් නෑසෙන පිණිස ඔව්හු ඌ බලකොටුවලට ගෙනාවෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ඔව්හු ඌට කොකු දමා කූඩුවක ලා, බබිලෝනියේ රජු ළඟට ගෙනාවෝය; උගේ නාදය ඉශ්‍රායෙල් කඳුවල තවත් නෑසෙන පිණිස ඔව්හු ඌ බලකොටුවලට ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 19:9
11 හුවමාරු යොමු  

මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාරය මාගේ කන්වලට පැමිණි නිසා ද නුඹේ නාසයේ මාගේ වළල්ලත්, නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි.


එවිට ඔහු ජෙරුසලමෙහි රජකම් නොකරන පිණිස පාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු සිර අඩස්සි කොට, රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත් දේශයට දඩ ගැසී ය.


ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය.


බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඔහුට විරුද්ධ ව පැමිණ, බබිලෝනියට ගෙනයන පිණිස දම්වැල්වලින් ඔහු බැන්දේ ය.


එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”


ඌ ඔවුන්ගේ මාලිගා කඩාදමා, ඔවුන්ගේ නගර නාස්ති කෙළේ ය. දේශය ද එහි වැසියෝ ද උගේ ගර්ජනා හඬට භීතියෙන් ත්‍රස්ත වූ හ.


දුර්වල බැටළුවන් නුඹලා ශක්තිමත් කෙළේ වත්, ලෙඩ වූ බැටළුවන් සුව කෙළේ වත්, තුවාළ වූ බැටළුවන්ගේ තුවාළ බැන්දේ වත් නැත; මුළා ව ගිය බැටළුවන් නැවත ගෙනාවේ වත්, නැති වූ බැටළුවන් සෙව්වේ වත් නැත. බලයෙන් ද කුරිරු ලෙස ද නුඹලා උන් පාලනය කළහු ය.


“තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් කඳුවලට දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.


“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්රායෙල්හි කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධ ව මේ දිවැස් වැකිය කියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්