ආබ්‍රහම් උත්තර දෙමින්, “ඇත්තෙන් ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබාගැනීමට ඔවුන් මා මරාදමනු ඇතැ යි මම සිතුවෙමි.
උත්පත්ති 12:12 - Sinhala New Revised Version 2018 මිසර වාසීන් ඔබ දුටු විට, ‘මේ ආබ්‍රම්ගේ බිරිඳ ය’යි කියා ඔබ ගැනීමට මා මරාදමා ඔබ බේරනු ඇත. එබැවින්, කරුණාකර, ‘මම ඔහුගේ සහෝදරී ය’යි ඔවුන්ට කියන්න. Sinhala New Revised Version මිසර වාසීන් ඔබ දුටු විට, ‘මේ ආබ්‍රම්ගේ බිරිඳ ය’යි කියා ඔබ ගැනීමට මා මරාදමා ඔබ බේරනු ඇත. එබැවින්, කරුණාකර, ‘මම ඔහුගේ සහෝදරී ය’යි ඔවුන්ට කියන්න. Sinhala Revised Old Version මිසරවරුන් නුඹ දුටු විට–මෑ ඔහුගේ භාර්යාවය කියා මා මරා නුඹ ඉතුරු කරනවා ඇත. |
ආබ්‍රහම් උත්තර දෙමින්, “ඇත්තෙන් ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබාගැනීමට ඔවුන් මා මරාදමනු ඇතැ යි මම සිතුවෙමි.
එහි සිටි මිනිස්සු ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විමසුවෝ ය. ඔහු ද, “ඈ මාගේ සහෝදරීය”යි කී ය. “ඈ මගේ භාර්යාව ය”යි කීමට ඔහු බිය වූයේ, රෙබෙකා රූමත් බැවින් ඈ නිසා ‘ඔවුන් මා මරති’යි සිතූ නිසා ය.
ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න.
දාවිත්ගේ සිතෙහි මෙවැනි කල්පනාවක් ඇති විය: “යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේ ය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවී යාම මිස වෙන හොඳ විධියක් මට නැත. එවිට සාවුල් මුළු ඉශ්රායෙල් දේශය පුරා තවදුරටත් මා සොයා යෑමෙන් මත්තට වළකිනු ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවී යෑමට මට පුළුවන් වන්නේ ය.”