Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 12:12 - Sinhala Revised Old Version

12 මිසරවරුන් නුඹ දුටු විට–මෑ ඔහුගේ භාර්යාවය කියා මා මරා නුඹ ඉතුරු කරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මිසර වාසීන් ඔබ දුටු විට, ‘මේ ආබ්‍රම්ගේ බිරිඳ ය’යි කියා ඔබ ගැනීමට මා මරාදමා ඔබ බේරනු ඇත. එබැවින්, කරුණාකර, ‘මම ඔහුගේ සහෝදරී ය’යි ඔවුන්ට කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මිසර වාසීන් ඔබ දුටු විට, ‘මේ ආබ්‍රම්ගේ බිරිඳ ය’යි කියා ඔබ ගැනීමට මා මරාදමා ඔබ බේරනු ඇත. එබැවින්, කරුණාකර, ‘මම ඔහුගේ සහෝදරී ය’යි ඔවුන්ට කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 12:12
6 හුවමාරු යොමු  

ආබ්‍රහම්: සැබවින්ම මේ ස්ථානයෙහි දේව භය නැත්තේය කියාත් ඔවුන් මාගේ භාර්යාව නිසා මා මරනවා ඇත කියාත් මට සිතුණු නිසාය.


ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාළාහ; ඈ මාගේ සහෝදරීයයි ඔහු කීය. රෙබෙකා දැකීමට ශෝභන බැවින්: ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරන පිණිසය කියා ඔහු–ඇය මාගේ භාර්යාවයයි කියන්ට භය වුණේය.


ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න.


මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.


දාවිත් තමාගේ සිතින් කල්පනාකොට: යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවීයාම මිස වෙන හොඳ විධියක් මට නැත; සාවුල්ද මුළු ඉශ්‍රායෙල් සීමාව තුළේ තවත් මා සෙවීමෙන් මත්තට වලකිනවා ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවෙන්ට මට පුළුවන්වේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්