එහෙත් ඔවුන්, මා එවා වදාළ උන් වහන්සේ ව නාඳුනන බැවින්, මාගේ නාමය නිසා මේ සියල්ල ඔවුන් ඔබට කරනු ඇත.
3 යොහන් 1:7 - Sinhala New Revised Version 2018 මන්ද, උන් වහන්සේගේ නාමය උදෙසා පිටත් ව ගිය ඔව්හු විජාතීන්ගෙන් කිසි උපකාරයක් භාර නොගත්හ. Sinhala New Revised Version මන්ද, උන් වහන්සේගේ නාමය උදෙසා පිටත් ව ගිය ඔව්හු විජාතීන්ගෙන් කිසි උපකාරයක් භාර නොගත්හ. සිංහල කාලීන පරිවර්තනය මන්ද අන්‍ය-ජාතීන්ගෙන් කිසිවක් නො පිළිගනිමින් ඔවුන් පිටත්ව ගියේ, (උන්වහන්සේගේ) නාමය උදෙසා ය. Sinhala Revised Old Version කෙසේදයත්, ඔවුන් අන්‍යජාතීන්ගෙන් කිසිත් නොගෙන, උන්වහන්සේගේ නාමය නිසා පිටත්ව ගිය බැවින්ය. |
එහෙත් ඔවුන්, මා එවා වදාළ උන් වහන්සේ ව නාඳුනන බැවින්, මාගේ නාමය නිසා මේ සියල්ල ඔවුන් ඔබට කරනු ඇත.
‘ලැබීමට වඩා දීම භාග්‍යවන්ත යැ’යි ස්වාමීන් වන ජේසුස් වහන්සේ ම වදාළ වචන සිහි කර, දුබලයන්ට උපකාර කළ යුතු බව මෙසේ වැඩ කිරීමෙන් මම ඔබට පෙන්වා දුනිමි.”
එවිට අපෝස්තුළුවරු ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.
එසේ නම් මාගේ වැටුප කුමක් ද? ඒ වැටුප නම්, අය කිරීමක් නැති ව, සුබ අස්නේ සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැර හැර, සුබ අස්න දේශනා කිරීමයි.
මා ඔබට දැක්වූ සැලකිල්ල, අන් සභාවලට දැක්වූ සැලකිල්ලට වඩා කිසි ලෙසකින් අඩු වී ද? ඇති වූ එක ම අඩුව නම්, මා ඔබට බරක් නොවීම ය. ඒ වරද ගැන මට සමා වන්න.
මන්ද, අපි අප ගැන ම නොව, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ස්වාමීන් බවත්, ජේසුස් වහන්සේ උදෙසා අප ඔබගේ දාසයන් බවත් ප්‍රකාශ කරමු.
එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.
ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි.