ශාදොක් ද ඔහු සමඟ සියලු ලෙවීවරු ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන පැමිණියහ. මුළු ජනතාව නගරයෙන් අවුත් නිම වන තුරු ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබියාතර් ළඟ බිම තැබූ හ.
2 සාමුවෙල් 8:17 - Sinhala New Revised Version 2018 අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය. Sinhala New Revised Version අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය. Sinhala Revised Old Version අහිතුබ්ගේ පුත්‍රවූ ශාදොක් හා අබියාතර්ගේ පුත්‍රවූ අහිමෙලෙක් පූජකයෝව සිටියෝය; සෙරායා ලේකම්ව සිටියේය, |
ශාදොක් ද ඔහු සමඟ සියලු ලෙවීවරු ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන පැමිණියහ. මුළු ජනතාව නගරයෙන් අවුත් නිම වන තුරු ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබියාතර් ළඟ බිම තැබූ හ.
එකල පූජකයන් වන ශාදොක්ටත්, අබියාතර්ටත් හූෂයි කතා කොට, “අහිතොපෙල් මේ මේ විධියට අබ්සලොම්ටත්, ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයන්ටත් අවවාද දුන්නේ ය. මම මේ මේ විධියට අවවාද දිනිමි.
‘ඔබ හැම මාගේ සහෝදරයෝ ය; මාගේ ලේ නෑයෝ ය; එබැවින් රජ්ජුරුවන් නැවත ගෙන්වා ගන්නට ඔබ අන්තිමයන් වන්නේ මන්දැ’යි අසන්න.
එහෙත්, ඔහු ඔබේ මෙහෙකරු වන මා ද පූජක ශාදොක් ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද ඔබේ මෙහෙකරු වූ සලමොන් ද කැඳෙව්වේ නැත.
පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම් ද නායක පූජකයා ද අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ඒ මුදල් ගණන් කරමින් පසුම්බිවල දමා බැන්දෝ ය.
එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය.
සාවුල්ගේ සහෝදරයන් වූ බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් තුන්දහසක් ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂ ව සිටියෝ ය.
දාවිත් පූජකයන් වූ ශාදොක්ට සහ අබියාතර්ට ද ලෙවීවරුන් වූ උරියෙල්, ආසායා, ජෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ට ද අඬගසා ඔවුන්ට කතා කොට,
පූජක ශාදොක් ද පූජකයන් වන ඔහුගේ සහෝදරයන් ද ගිබියොන්හි ගිරිකුළක තිබෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්න නියම කෙළේ ය.
එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අණ කළා වූ උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට දවන යාග පූජා පුදන පූජාසනය පිට නිතර ම උදය සවස දවන යාග පූජා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ය.
අහිතුබ්ගේ පුත් ශාදොක් සහ අබියාතර්ගේ පුත් අබිමෙලෙක් පූජකයන් ව සිටියෝ ය. ෂව්ෂා ලේකම් ව සිටියේ ය.
දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද;
එවිට බාරුක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඉහළ මළුවේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුව ළඟ තිබුණ, ලේකම් වන ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ ඇතුළු ගෙයි සිට ජෙරමියාගේ වචන සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙව්වේ ය.
“එහෙත් ඉශ්රායෙල්වරුන් මා වෙතින් මුලා වී ගිය විට, මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්වූ ලෙවීවරුන් වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම්, මට සේවය කිරීමටත්, මා ළඟට පැමිණෙන්නත්, තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්නත් අවසර ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
එනම්, අබියාතර් නායක පූජක ව සිටිය දී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිස අන් කිසිවෙකු නොකෑ යුතු පිදූ පූප කා, සිය පිරිවරටත් දුන් වග, ඔබ කවදාවත් කියවා නැද්දැ”යි ඇසූ සේක.