Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 15:24 - Sinhala New Revised Version 2018

24 ශාදොක් ද ඔහු සමඟ සියලු ලෙවීවරු ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන පැමිණියහ. මුළු ජනතාව නගරයෙන් අවුත් නිම වන තුරු ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබියාතර් ළඟ බිම තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ශාදොක් ද ඔහු සමඟ සියලු ලෙවීවරු ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන පැමිණියහ. මුළු ජනතාව නගරයෙන් අවුත් නිම වන තුරු ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබියාතර් ළඟ බිම තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ශාදොක්ද ඔහු සමඟ සියලු ලෙවීවරුද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ආවෝය; මුළු සෙනඟ නුවරින් ඇවිත් නිමවෙන තුරු ඔව්හු දෙවියන්වහන්සේගේ පෙට්ටිය බිම තැබුවෝය. අබියාතර්ද ඇවිත් සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:24
23 හුවමාරු යොමු  

අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය.


“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.


ෂෙවා වනාහි ලේකම් ය. ශාදොක් හා අබියාතර් පූජකයෝ ය.


එහෙත්, අහිතුබ්ගේ පුත්‍රයා වන අහිමෙලෙක්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ අබියාතර් දාවිත් වෙත පලා ගියේ ය.


එය ඉශ්රායෙල් පුත්‍රයන් පව්කර මුළා ව ගිය කල, ලෙවීවරුන් මුළා ව ගියාක් මෙන් මුළා ව නොගොස් මාගේ සේවය පැවැත්වූ, ශාදොක්ගේ පුත්‍රයන් වූ, කැප කරනු ලැබූ, පූජකයන්ට වන්නේ ය.


එවිට දාවිත් කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නටත්, හැම කල්හි ම උන් වහන්සේට සේවය කරන්නටත් සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නට ඔවුන්ට මිස වෙන කාට වත් යුතු නැතැ”යි කීවේ ය.


ඉන්පසු රජ තෙම ඔහු වෙනුවට සේනාවේ අධිපති කොට ජෙහෝයාදාගේ පුත් බෙනායා ද අබියාතර් වෙනුවට පූජක ශාදොක් ද පත් කෙළේ ය.


එහෙත්, ශාදොක් පූජකවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද දිවැසිවර නාතාන් ද ෂිමෙයි සහ රේයි යන අය ද දාවිත්ගේ ආරක්ෂක පිරිස ද අදොනියා සමඟ නො වූ හ.


පූජකයන් වන ශාදොක් හා අබියාතර් ඔබ සමඟ එහි සිටිනවා නො‍වේ ද? එබැවින් රජ ගෙදරින් අසන්නට ලැබෙන කවර දෙයක් වුව ද, ඔබ පූජකයන් වන ශාදොක්ටත්, අබියාතර්ටත් දන්වන්න.


රජ පූජක වූ ශාදොක්ට තවදුරටත් කතා කොට, “හොඳින් බලන්න. ඔබේ පුත් අහීමයාශ් ද අබියාතර්ගේ පුත් ජොනතන් ද යන ඔබේ පුත්‍රයන් දෙදෙනා සමඟ ඔබ ද අබියාතර් ද සාමදානයෙන් නගරයට පෙරළා යන්න.


තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය.


දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවත් ඔවුන් අතට අසු විණි. ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් ද මැරුම්කෑහ.


එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය.


පූජකවරුන් සත්දෙනෙකු බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් යා යුතු ය. සත් වන දවසේ දී සත්වරක් නුවර වටේට ගමන් කරන්න; පූජකවරු ද හොරණෑ පිඹිත් වා!


ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ.


සෙනඟට කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ලෙවී පූජකයන් එය උසුලාගෙන යනවා ද ඔබ දකින කල, ඔබ සිටින ස්ථානවලින් පිටත් ව ඒ පසුපස්සේ යන්න.


එහෙත්, ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළ ව කොහාත්ගේ දරුපරපුරට පැවරී තිබුණේ බඩු භාණ්ඩ කර පිට උසුලාගෙන යාම බැවින් ඔවුන්ට ඔහු කිසිවක් නුදුන්නේ ය.


තවද, සලමොන් රජ අබියාතර් පූජකයාට කතා කොට, “අනාතොත්හි තිබෙන ඔබේ ම ඉඩමට යන්න. ඔබ මරණයට සුදුස්සෙකි. එහෙත්, ඔබ මාගේ පිය වූ දාවිත් රජු ඉදිරියෙහි දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ බැවින් ද මාගේ පියා දැරූ සියලු දුක්වල දී ඔබත් දුක් වින්ද බැවින් ද මේ වතාවේ මම ඔබ නොමරමි”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්