Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 6:4 - Sinhala New Revised Version 2018

4 එලෙයාසර්ට දාව පිනෙහාස් ද පිනෙහාස්ට දාව අබිෂුවා ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එලෙයාසර්ට දාව පිනෙහාස් ද පිනෙහාස්ට දාව අබිෂුවා ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එලෙයාසාර්ට දාව පීනෙහාස්ද පීනෙහාස්ට දාව අබිෂුවාද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 6:4
21 හුවමාරු යොමු  

ආරොන්ගේ පුත්‍රයෝ මොවුහු ය: ඔහුගේ පුත්‍රයා එලෙයාසර් ය; ඔහුගේ පුත්‍රයා පිනෙහාස් ය; ඔහුගේ පුත්‍රයා අබිෂුවා ය;


ආරොන්ගේ පුත් එලෙයාසර් පුතියෙල්ගේ දුවක බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව පිනෙහාස් ලැබුවා ය. මොවුහු තමන්ගේ පෙළපත් අනුව ලෙවී ජාතිකයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය.


පිනෙහාස්ගේ පුත්‍රයන්ගෙන් ගේර්ෂොම් ය; ඊතාමාර්ගේ පුත්‍රයන්ගෙන් දානියෙල් ය; දාවිත්ගේ පුත්‍රයන්ගෙන් හට්ටුෂ් ය;


එලෙයාසර්ගේ පුත් පිනෙහාස් පළමු ව ඔවුන් කෙරෙහි අධිපතියා ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි සේක.


ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ඒ දවස්වල දී ඒ ගිවිසුම් කරඬුව භාර ව සිටියේ ය. ඉශ්රායෙල්වරු කතා කොට, “අප සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවතත් යුද්ධයට යා යුතු ද නැතහොත් නතර විය යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මන්ද, හෙට ඔවුන් නුඹලා අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක.


ආරොන්ගේ පුත් එලෙයාසර් ද මියගියේ ය. ඔව්හු, ඔහුගේ පුත් පිනෙහාස්ට එප්‍රායිම් කඳු රටෙහි දෙන ලද ගිබියා නගරයේ ඔහු තැන්පත් කළෝ ය.


ඉශ්රායෙල් ජනයා ගිලියද් දේශයේ සිටි රූබන් ගෝත්‍රයේ සෙනඟ ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද වෙත එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද


මෝසෙස් මේ සෙනඟ ද පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද ශුද්ධ භාජන සහ පිඹීමට හොරණෑ ද අතේ ඇති ව ඔවුන් යුද්ධයට යැවූ හ.


සදාතන පූජකවරයේ ගිවිසුමක් වශයෙන් එය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් හිමි වනු ඇත. මා එසේ කෙළේ ඔහු තම දෙවියන් වහන්සේට ලැදි ව, ඉශ්රායෙල් ජනයාට පව් කමාව සැලැසූ හෙයිනි”යි වදාළ සේක.


අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය.


අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මීරියම් ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.


ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කොට, ඔහුට හෙබ්‍රොන් නුවර උරුම කොට දුන්නේ ය.


මීට පළමුවෙන් හෙබ්‍රොන් නගරයේ නම කිරියත්-අර්බා ය. අර්බා වනාහි අනාක්වරුන් අතර සිටි ඉතා ශ්‍රේෂ්ඨ තැනැත්තා ය. යුද්ධයෙන් තොර ව රටේ සාමදානය ඇති විය.


මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මුෂී ය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කිෂ් ය.


මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මුෂී ය. ජාසියාගේ පුත්‍රයෝ නම්: බෙනෝ ය.


ඔව්හු ද අප කෙරෙහි පිහිටි දේව වරප්‍රසාදය හේතුකොටගෙන ඉශ්රායෙල්ගේ පුත්‍රයා වන ලෙවීගේ පුත් මාලීගේ පුත්‍රයන්ගෙන් බුද්ධිමත් මිනිසෙකු වූ ෂේරෙබියා ද ඔහුගේ පුත්‍රයින් හා ඥාතීන් දහඅටදෙනෙකු ද අප වෙත එවූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්