Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 16:40 - Sinhala New Revised Version 2018

40 එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අණ කළා වූ උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට දවන යාග පූජා පුදන පූජාසනය පිට නිතර ම උදය සවස දවන යාග පූජා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අණ කළා වූ උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට දවන යාග පූජා පුදන පූජාසනය පිට නිතර ම උදය සවස දවන යාග පූජා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 පූජකවූ ශාදොක්ද පූජකයන්වූ ඔහුගේ සහෝදරයන්ද, ගිබියොන්හි උස්තැන තිබෙන ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්ට නියමකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 16:40
11 හුවමාරු යොමු  

“බෙතෙල්හි සිද්ධස්ථානයට ගොස් පව් කරනු; ගිල්ගාලයට ගොස් මුළු වීරියෙන් පව් කරනු; උදයක් උදයක් පාසා පූජාකිරීමට සතුන් ගෙනෙනු; තෙදිනකට වරක් නුඹලාගේ දසයෙන් එකේ පූජා ගෙනෙනු.


ඔව්හු විදෙස්වල ජනයාට බියෙන් සිටි නමුත්, පූජාසනය කලින් තිබුණ ස්ථානයෙහි පිහිටෙව්වෝ ය. ඔව්හු ඒ පූජාසනය මත උදය සවස සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කළෝ ය.


තවද, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිදි දවන යාග පූජා සඳහා එනම්, උදේ සවස දවන යාග පූජා ද සබත් දවස්, අමාවක් සහ ප්‍රසිද්ධ මංගල්‍ය සම්බන්ධ දවන යාග පූජා ද සඳහා ඔහු ස්වකීය රාජ සම්පතින් කොටසක් නියම කෙළේ ය.


මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟා උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, නිරන්තර පිදීමේ පූප තබන පිණිසත්, උදේ සවස ද සබත් දවස්වල ද අමාවක් දිනවල ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියම මංගල්‍යවල දී ද දවන යාග පූජා ඔප්පු කරන පිණිසත් එය උන් වහන්සේට කැප කරන්න යමි. මෙය සදහට ම ඉශ්රායෙල්වරුන්ට නියෝගයක් වනු ඇත.


මද්දහන පසු වී සවස යාගය ඔප්පු කරන වේලාව දක්වා ඔව්හු ඔල්මාදයෙන් දොඩවමින් බෙරිහන් දුන්හ. එහෙත්, කිසි හඬක් වත් උත්තර දුන් කිසිවෙක් වත්, සැලකූ කෙනෙක් වත් නො වූ හ.


අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය.


ඉන්පසු ඔහු ධාන්‍ය පූජාව පිළිගන්වමින් එයින් පුරා අහුරක් රැගෙන උදය කාලයේ පිදූ දවන යාග පූජාවට අමතර ව එය පූජාසනය මත දැවී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්