Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 36:10 - Sinhala New Revised Version 2018

10 එවිට බාරුක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඉහළ මළුවේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුව ළඟ තිබුණ, ලේකම් වන ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ ඇතුළු ගෙයි සිට ජෙරමියාගේ වචන සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එවිට බාරුක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඉහළ මළුවේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුව ළඟ තිබුණ, ලේකම් වන ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ ඇතුළු ගෙයි සිට ජෙරමියාගේ වචන සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එවිට බාරුක් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඉහළ මළුවේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අලුත් දොරටුව ළඟ තිබුණාවූ, ලේකම වන ෂාපාන්ගේ පුත්‍රවූ ගෙමරියාගේ ඇතුල් ගෙයි සිට යෙරෙමියාගේ වචන මුළු සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 36:10
17 හුවමාරු යොමු  

ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ පුත් මීකායා සමිඳාණන් වහන්සේගේ සියලු වචන පොතෙන් කියවනු ඇසූ කල,


ඉක්බිති ඔහු යුද්ධ සේනාවේ සේනාධිපතියා ද නගරයෙහි සිටි රාජ සභාවෙහි සභිකයන් සත්දෙනෙකු ද දේශයෙහි සෙනඟ රැස් කළ සේනාධිපතියාගේ ලේකම් ද දේශවාසීන්ගෙන් නගරය තුළ සිටි හැටදෙනෙකු ද අල්ලාගෙන ගියේ ය.


ජුදාහි අධිපතීහු ඒ කාරණය අසා, රජ ගෙදර සිට සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුවෙහි ඇතුළු වන තැන අසුන්ගත්හ.


තවද, එල්නාතන් ද දෙලායා ද ගෙමරියා ද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝ ය. එහෙත්, ඔහු ඔවුන්ට සවන් නුදුන්නේ ය.


අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය.


නේරියාගේ පුත් බාරුක් ද දිවැසිවරයා වූ ජෙරමියා තමාට අණ කළ සියල්ල ලෙස කරමින්, සමිඳාණන් වහන්සේගේ වචන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පොතෙන් කියෙව්වේ ය.


එබැවින් ඔබ ඇතුළු වී, ඔබ මාගේ මුඛයෙන් අසා ලියා තිබෙන පොතෙන්, සමිඳාණන් වහන්සේගේ වචන, උපවාස දවසේ දී සෙනඟ අසන පිණිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි දී කියවන්න. තම තමන්ගේ නගරවලින් එන සියලු ජුදා මිනිසුන්ට ඇසෙන පිණිස ඒවා ඔවුන්ට කියවන්න.


සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ෂල්ලුම්ගේ පුත් දොරටු පාලකයා වන මයසේයාගේ ඇතුළු ගෙට ඉහළින් තිබූ අධිපතීන්ගේ ඇතුළු ගෙට යාව තිබුණු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත් හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුළු ගෙට පැමිණියෙමි.


මේ හසුන ජුදාහි රජු වූ ශෙදෙකියා, ෂාපාන්ගේ පුත් එලාසා සහ හිල්කියාගේ පුත් ගෙමරියා අතින් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් වෙත යවන ලදී. එහි මෙසේ ලියා තිබිණි:


ජෙරමියා මරන පිණිස සෙනඟගේ අතට පාවා දෙනු නොලැබුවේ, ෂාපාන්ගේ පුත් අහිකාම්ගේ සහය ඔහුට තිබුණු බැවිනි.


එවිට රජ ගෙදර ප්‍රධානියන් වන හිල්කියාගේ පුත් එලියාකිම් නම් ගෘහාධිපතියා ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරු වන ආසාප්ගේ පුත් ජෝවා ද දුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට අවුත් රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්වූ හ.


එහෙත්, ගිරිකුළු දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල සුවඳ ද්‍රව්‍ය පිදූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහු ය.


ෂෙවා වනාහි ලේකම් ය. ශාදොක් හා අබියාතර් පූජකයෝ ය.


ඇතුළු මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සෑදුවේ ය.


බබිලෝනිවරුන් අප මරන්නට හෝ බබිලෝනියට අප අල්ලාගෙන යන්නට හෝ ඔවුන්ගේ අතට අප පාවා දෙන පිණිස නේරියාගේ පුත් බාරුක් අපට විරුද්ධ ව ඔබ පොළඹ වන්නේ ය”යි කී හ.


ප්‍රවේශ ශාලාවේ කණු ළඟ කාමරයක් ද එහි දොරකඩක් ද තිබුණේ ය. එය තිබුණේ එහි දවන පූජාව සෝදන පිණිස ය.


ජොෂියා රජ තමාගේ දහඅට වන අවුරුද්දේ දී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශ්ලියාගේ පුත් ෂාපාන් ලේකම් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යවමින් කතා කොට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්