ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 22:17 - Sinhala New Revised Version 2018

එතුමාණෝ උඩින් අත පොවා මා අල්ලාගත් සේක; ගැඹුරු දිය පාරින් මා ඇදගත් සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එතුමාණෝ උඩින් අත පොවා මා අල්ලාගත් සේක; ගැඹුරු දිය පාරින් මා ඇදගත් සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජලධාරාවලින් මා ඇදගත් සේක;

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 22:17
12 හුවමාරු යොමු  

මාගේ බලවත් සතුරන්ගෙන් ද මට වෛර කළවුන්ගෙන් ද එතුමාණෝ මා මුදා ගත් සේක. මන්ද, ඔව්හු මට වඩා බලවත් වූ හ.


සමිඳාණන් වහන්ස, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි.


සගලොවින් ඔබේ හස්තය දිගු කළ මැනව. මහා ජල ගැල්මෙන් ද විදේශීන්ගේ අතින් ද මා බේරා මුදාගත මැනව.


එතුමාණෝ ඉහළින් අත පොවා, මා අල්ලාගත් සේක; ගැඹුරු ජලධාරාවලින් මා ඇදගත් සේක.


එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.


දරුවා වැඩුණු පසු ඈ ඔහු පාරාවෝගේ දියණිය වෙත ගෙනාවෙන්, ඔහු ඈට පුතෙකු සේ විය. තවද ඈ, “මම ඔහු වතුරෙන් ගොඩ ගතිමි”යි කියා ඔහුට මෝසෙස් යන නම තැබුවා ය.


නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.


වතුර මාගේ හිසට උඩින් ගලා ගියේ ය; “මාගේ අවසානය පැමිණ ඇතැ”යි මම කීමි.


ඔහු මට තවදුරටත් කතා කොට, “වේශ්‍යාව වාඩි වී සිටි තැන ඔබ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝ ද ජනතාවෝ ද ජාතීහු ද භාෂාවෝ ද වෙති.