Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 2:10 - Sinhala New Revised Version 2018

10 දරුවා වැඩුණු පසු ඈ ඔහු පාරාවෝගේ දියණිය වෙත ගෙනාවෙන්, ඔහු ඈට පුතෙකු සේ විය. තවද ඈ, “මම ඔහු වතුරෙන් ගොඩ ගතිමි”යි කියා ඔහුට මෝසෙස් යන නම තැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 දරුවා වැඩුණු පසු ඈ ඔහු පාරාවෝගේ දියණිය වෙත ගෙනාවෙන්, ඔහු ඈට පුතෙකු සේ විය. තවද ඈ, “මම ඔහු වතුරෙන් ගොඩ ගතිමි”යි කියා ඔහුට මෝසෙස් යන නම තැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 දරුවා වැඩුණු කල ඈ ඔහු ඵාරාවෝගේ දියණිය වෙතට ගෙනාවාය, ඔහු ඇගේ පුත්‍රයා වුණේය. ඈ වනාහි: මා ඔහු වතුරෙන් ඇදගත් නිසාය කියා ඔහුට මෝසෙස් යයි නම් තැබුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 2:10
11 හුවමාරු යොමු  

මෝසෙස් වැඩුණු පසු, පාරාවෝ රජුගේ දියණියන්ගේ පුත්‍රයා යයි කියනු ලැබීම ඔහු ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කෙළේ ය.


ඈ පිළිසිඳගෙන නියම කාලයේ දී පුත්‍රයෙකු ලැබුවා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. “එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැ”යි ඈ කීවා ය.


ඔබ දරුවකු පිළිසිඳ ඇත; පුතකු බිහි කරනු ඇත; හිමිතුම ඔබ පීඩා හඬ ඇසූ බැවින් ඔහුට ඉෂ්මායෙල් යන නම තබන්න.


බලන්න, පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්, ඔව්හු අප ද නොහඳුනති.


එසේ කළේ අප දරුකම ලබනු වස් උන් වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි සිටි අය මුදාගන්නා පිණිස ය.


ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.


තවද, මා නුඹ වෙත මිසරයට එන්නට පෙර, නුඹට දාව මිසර දේශයේ දී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙන මාගේ වන්නෝ ය. රූබන් සහ සිමියොන් මෙන් ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝ ය.


ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, “කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය.


එවිට කුමරිය ඈ අමතා, “මේ දරුවා රැගෙන ගොස්, මා වෙනුවෙන් ඔහුට කිරි දෙන්න, මම ද ඔබට කුලිය දෙමි”යි කී විට ඈ දරුවා රැගෙන ගොස් ඔහුට කිරි දී හැදුවා ය.


එතුමාණෝ උඩින් අත පොවා මා අල්ලාගත් සේක; ගැඹුරු දිය පාරින් මා ඇදගත් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්