Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 22:17 - Sinhala Revised Old Version

17 උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජලධාරාවලින් මා ඇදගත් සේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එතුමාණෝ උඩින් අත පොවා මා අල්ලාගත් සේක; ගැඹුරු දිය පාරින් මා ඇදගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එතුමාණෝ උඩින් අත පොවා මා අල්ලාගත් සේක; ගැඹුරු දිය පාරින් මා ඇදගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 22:17
12 හුවමාරු යොමු  

නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.


ඉහළින් ඔබගේ හස්තය දිගුකළ මැනව; මහත් ජලධාරාවලින්ද විදේශීන්ගේ අතින්ද මා උදුරා මුදාගත මැනව.


එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්‍රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා. සැබවින් මහත් ජලධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපැමිණෙන්නේය.


උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජලධාරාවලින් මා ඇදගත්සේක.


ඔහු තවත් මට කථාකොට: වේශ්‍යාව හිඳගන ඉන්න තැන නුඹ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝද සමූහයෝද ජාතීහුද භාෂාවෝද වෙති.


ස්වාමිනි, ගැඹුරු තැන්වල සිට ඔබට මොරගැසීමි.


දරුවා වැඩුණු කල ඈ ඔහු ඵාරාවෝගේ දියණිය වෙතට ගෙනාවාය, ඔහු ඇගේ පුත්‍රයා වුණේය. ඈ වනාහි: මා ඔහු වතුරෙන් ඇදගත් නිසාය කියා ඔහුට මෝසෙස් යයි නම් තැබුවාය.


වතුරු මාගේ හිසට උඩින් ගලා ගියේය; මම සිඳදමනු ලැබීමියි කීවෙමි.


මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද උන්වහන්සේ මා මුදාගත්සේක; මක්නිසාද ඔව්හු මට වඩා බලවත් වූය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්