ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’
2 සාමුවෙල් 18:14 - Sinhala New Revised Version 2018 එවිට ජෝවාබ්, “මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නොහැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය. Sinhala New Revised Version එවිට ජෝවාබ්, “මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නොහැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය. Sinhala Revised Old Version එවිට යෝවාබ්: මට මෙසේ නුඹ සමඟ ප්‍රමාදවෙවී ඉන්ට බැරිය කියා හෙල්ල තුනක් අතින් ගෙන අබ්සලොම් අලෝන ගස මැද පණ ඇතුව සිටිද්දීම එයින් ඔහුගේ හෘදයට ඇන්නේය. |
ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’
එබැවින් තමාගේ වැඩකාරයන්ට කතා කොට, “බලන්න, ජෝවාබ්ගේ කෙත මාගේ කෙතට යාබද ව තිබේ. එහි ඔහුට යව ගොයම් තිබේ. ඔබ ගොස් ඒවාට ගිනි තියන්නැ”යි කී ය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තැබූහ.
රජ ජෝවාබ්ට ද අබිෂයිට ද ඉත්තයිට ද කතා කොට, “මා නිසා ඒ තරුණ අබ්සලොම්ට කරුණාවෙන් සලකන්නැ”යි අණ කෙළේ ය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට එසේ අණ කළ විට මුළු සෙනඟට එය ඇසුණේ ය.
එවිට දාවිත් රජ පූජක වන ශාදොක්ටත්, අබියාතර්ටත් මෙසේ කියා යැවී ය. “ඔබ ජුදාහි ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ කියමින් සිටි දේ රජ්ජුරුවන්ට සැළ විය. එබැවින් රජ්ජුරුවන් සිය නිවෙසට ගෙන්වන පිණිස ඔබ අන්තිමයන් වන්නේ මන්දැ”යි අසන්න.
දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි.
ජෝනා තල්මසාගේ උදරයෙහි දහවල් තුනක් ද රෑ තුනක් ද සිටියාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණන් ද පොළෝ ගැබෙහි දාවල් තුනක් ද රෑ තුනක් ද සිටිනු ඇත.
‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.
සිසෙරා බොහෝ තෙහෙට්ටු වී සිටි බැවින් තද නින්දට වැටී සිටියේ ය. එවිට හෙබෙර්ගේ බිරිඳ වූ ජායෙල් කූඩාරමේ ඇණය හා අතකොලුවක් රැගෙන නිශ්ශබ්ද ව ඔහු ළඟට ගොස් ඔහුගේ නළල් කෙළවරට ඒ ඇණය පොළොවට යන තෙක් ගසා හිස පසාරු කළා ය. මෙසේ ඔහු මළේ ය.
ඈ සිය වමතින් ඇණයක් ද දකුණතින් කම්කරු අතකොලුවක් ද රැගෙන අතකොලුවෙන් සිසෙරාට හිස සිදුරු වන්නට ගැසුවා ය. ඔහුගේ නළල සිදුරු කොට එය පොඩි කර දැම්මා ය.
සමිඳුනි, ඔබේ සතුරෝ, මෙලෙස විනාශ වෙත් වා! එහෙත්, ඔබට ප්‍රේම කරන්නෝ විකුමෙන් නැඟී එන හිරු මෙන් වෙත් වා!” හතළිස් වසරක් මුළුල්ලේ දේශයේ සාමය ඇති විය.