Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 12:40 - Sinhala New Revised Version 2018

40 ජෝනා තල්මසාගේ උදරයෙහි දහවල් තුනක් ද රෑ තුනක් ද සිටියාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණන් ද පොළෝ ගැබෙහි දාවල් තුනක් ද රෑ තුනක් ද සිටිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 ජෝනා තල්මසාගේ උදරයෙහි දහවල් තුනක් ද රෑ තුනක් ද සිටියාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණන් ද පොළෝ ගැබෙහි දාවල් තුනක් ද රෑ තුනක් ද සිටිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

40 යෝනා, යෝධ මත්ස්‍යයාගේ බඩේ දහවල තුනක් හා රෑ තුනක් සිටි සේ ම, මනුෂ්‍ය පුත්‍රයාණන් ද පොළෝ හද ගැබෙහි දහවල තුනක් හා රෑ තුනක් සිටිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 මක්නිසාද යෝනා මහා මත්ස්‍යයාගේ බඩේ දවහල් තුනක්ද රෑ තුනක්ද සිටියාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 12:40
12 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ද ජෝනා ගිලගන්න පිණිස මහා මත්ස්‍යයෙකු සූදානම් කළ සේක. ඒ මත්ස්‍යයාගේ කුස තුළ ජෝනා දාවල් තුනක් ද රෑ තුනක් ද සිටියේ ය.


ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ දේව මාලිගාව කඩාදමන්න. තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි”යි වදාළ සේක.


ඔව්හු එතුමාණන් මරන්නෝ ය. එහෙත් තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක. ඒ ඇසූ ඔව්හු අතිශයින් ශෝක වූ හ.


“දේව මාලිගාව කඩාදමා තුන් දවසකින් එය ගොඩනඟන ඔබ, ඔබ ම ගළවාගන්න; ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, කුරුසියෙන් බැස එන්නැ”යි කී හ.


එවක් පටන් ජේසුස් වහන්සේ, තමන් ජෙරුසලමට වැඩම කර, ප්‍රජා මූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන් ද විනයධරයන්ගෙන් ද බොහෝ දුක් වේදනා විඳින්ටත් මරනු ලබන්ටත්, තුන් වන දා උත්ථාන කරනු ලබන්ටත් යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන්ගත් සේක.


මා වනසනු වස්, මා සොය සොයා සිටින අය ඇත; ඔව්හු පාතාල ලෝකයේ පත්ලට ම යත් වා!


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ, ගාත්-හෙපෙර්හි දිවැසිවර අමිත්තයිගේ පුත් ජෝනා ලවා කියෙවූ වචනය ලෙස හමාත් දුර්ගයට ඇතුල් වන තැන පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්රායෙල්වරුන්ගේ දේශ සීමාව ඔහු නැවත ලබාගත්තේ ය.


මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය.”


උන් වහන්සේ මෙහි නැත; උන් වහන්සේ වදාළ ලෙස ම උත්ථාන වූ සේක. එන්න, සමිඳාණන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්