ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 22:20 - Sinhala New Revised Version 2018

එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි. මා විසින් මේ ස්ථානයට පමුණුවනු ලබන සියලු ම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය’යි කියා වදාරන සේකැ”යි කීවා ය. ඔව්හු හැරී අවුත් රජුට එය සැළ කළෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි. මා විසින් මේ ස්ථානයට පමුණුවනු ලබන සියලු ම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය’යි කියා වදාරන සේකැ”යි කීවා ය. ඔව්හු හැරී අවුත් රජුට එය සැළ කළෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි, මා විසින් මේ ස්ථානයට පමුණුවන සියලුම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හු හැරී ඇවිත් රජුට කීවෝය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 22:20
10 හුවමාරු යොමු  

මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.


එවිට හෙසකියා, “ඔබ කී සමිඳාණන්ගේ වචනය යහපත් ය”යි යෙසායාට කී ය. තවද, ඔහු “සාමදානයත්, ආරක්ෂාවත් මාගේ ජීවිත කාලයේ දී ඇත්නම් හොඳ‍ නොවේ දැ”යි යෙසායාට කී ය.


නුඹේ දවස් සම්පූර්ණ වූ කල, මම නුඹේ පුත්‍රයෙකු වන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව පිහිටුවා ඔහුගේ රාජ්‍යය ස්ථිර කරන්නෙමි.


මම ඔබේ පියවරුන්ගේ සොහොන් බිමට ඔබ පමුණුවන්නෙමි. මා විසින් මේ දේශයටත් මෙහි වැසියන්ටත් පමුණුවනු ලබන සියලු විපත්ති ඔබේ ඇස්වලින් නොදැක, ඔබේ සොහොනට ඔබ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය.’ ” ඔව්හු ද හැරී ඇවිත් රජුට එපවත් සැළ කළෝ ය.


නිදොස් තැනැත්තෙකු සොයන්න; අවංක කෙනෙකු දෙස බලන්න; ඔහුට නම්, සාමකාමී අනාගතයක් ඇත.


එම්බා ජුදා ජනයෙනි, මියගිය ජොෂියා රජු ගැන ශෝක නොවන්න; ඔහුගේ මරණය ගැන නොවැලපෙන්න. එහෙත්, ඔහුගේ පුත් ජෝවාහාස් ගැන කෑගසා අඬන්න. මන්ද, ඔවුන් ඔහු ගෙන යන බැවිනි. ඔහු හැරී එන්නේ නැත. තමන් උපන් දේශය ඔහු තවත් නොදකින්නේ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, නුඹේ පියවරුන් කළුරිය කළ පරිදි නුඹත් කළුරිය කරන්නට දැන් ආසන්න ව සිටින්නෙහි ය. නුඹේ මරණින් පසු මේ සෙනඟ මට අවිශ්වාසවන්ත ව ඔවුන් පදිංචි වන රටෙහි විදේශිකයන්ගේ දෙවිදේවතාවන් වැළඳගෙන, මා අත්හැර, ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩ කරන්නෝ ය.