Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 34:28 - Sinhala New Revised Version 2018

28 මම ඔබේ පියවරුන්ගේ සොහොන් බිමට ඔබ පමුණුවන්නෙමි. මා විසින් මේ දේශයටත් මෙහි වැසියන්ටත් පමුණුවනු ලබන සියලු විපත්ති ඔබේ ඇස්වලින් නොදැක, ඔබේ සොහොනට ඔබ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය.’ ” ඔව්හු ද හැරී ඇවිත් රජුට එපවත් සැළ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මම ඔබේ පියවරුන්ගේ සොහොන් බිමට ඔබ පමුණුවන්නෙමි. මා විසින් මේ දේශයටත් මෙහි වැසියන්ටත් පමුණුවනු ලබන සියලු විපත්ති ඔබේ ඇස්වලින් නොදැක, ඔබේ සොහොනට ඔබ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය.’ “ ඔව්හු ද හැරී ඇවිත් රජුට එපවත් සැළ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 මම නුඹේ පියවරුන් වෙතට නුඹ පමුණුවන්නෙමි, මා විසින් මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් පමුණුවන සියලු විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හුද හැරී ඇවිත් රජුට සැලකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 34:28
12 හුවමාරු යොමු  

මේ කී දේ හෙසකියා තේරුම්ගත්තේ, තමාගේ ම ජීවිත කාලයේ දී සාමයත්, සුරක්ෂිතතාවත් ඇති වේ ය කියා ය. ඒ නිසා, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය යහපත් ය”යි ඔහු යෙසායාට කීවේ ය.


නිදොස් තැනැත්තෙකු සොයන්න; අවංක කෙනෙකු දෙස බලන්න; ඔහුට නම්, සාමකාමී අනාගතයක් ඇත.


එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න.


ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු රැගෙන ඔහුගේ දෙ වන රථයට නංවාගෙන ජෙරුසලමට ආවෝ ය. ඔහු මියගිය පසු තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් කරන ලද්දේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද ජොෂියා ගැන වැළපුණාහ.


එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි. මා විසින් මේ ස්ථානයට පමුණුවනු ලබන සියලු ම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය’යි කියා වදාරන සේකැ”යි කීවා ය. ඔව්හු හැරී අවුත් රජුට එය සැළ කළෝ ය.


එවිට හෙසකියා, “ඔබ කී සමිඳාණන්ගේ වචනය යහපත් ය”යි යෙසායාට කී ය. තවද, ඔහු “සාමදානයත්, ආරක්ෂාවත් මාගේ ජීවිත කාලයේ දී ඇත්නම් හොඳ‍ නොවේ දැ”යි යෙසායාට කී ය.


“ආහබ් මා ඉදිරියෙහි යටත් වූ අයුරු නුඹ දුටුවෙහි ද? ඔහු මා ඉදිරියෙහි යටත් වූ බැවින් ඒ විපත ඔහුගේ කාලයේ දී නොව, ඔහුගේ පුත්‍රයාගේ කාලයේ දී ඔහුගේ වංශය පිට පමුණුවන්නෙමි”යි කී ය.


මේ දේශයටත්, මෙහි වැසියන්ටත් විරුද්ධ ව දෙවියන් වහන්සේ වදාරා තිබෙන වචන ඔබ ඇසූ විට ඔබ සිත මොළොක් වී ඔබ උන් වහන්සේ ඉදිරියෙහි යටහත් වී, ශෝකයෙන් ඔබේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි හැඬූ බැවිනුත්, මමත් ඔබට කන් දුනිමි. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.


එවිට රජ, පණිවුඩකාරයන් යවා ජුදා සහ ජෙරුසලමේ සියලු ප්‍රජා මූලිකයන් රැස් කරවාගෙන,


එහෙත්, තම සිතේ උඩඟුකම ගැන හෙසකියා ද ජෙරුසලමේ වැසියන් ද යටත් වූ නිසා, හෙසකියාගේ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ උදහස නිසා උන් වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර පසු ව දඬුවම් කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්