Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 22:20 - Sinhala Revised Old Version

20 එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි, මා විසින් මේ ස්ථානයට පමුණුවන සියලුම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හු හැරී ඇවිත් රජුට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි. මා විසින් මේ ස්ථානයට පමුණුවනු ලබන සියලු ම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය’යි කියා වදාරන සේකැ”යි කීවා ය. ඔව්හු හැරී අවුත් රජුට එය සැළ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි. මා විසින් මේ ස්ථානයට පමුණුවනු ලබන සියලු ම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය’යි කියා වදාරන සේකැ”යි කීවා ය. ඔව්හු හැරී අවුත් රජුට එය සැළ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 22:20
10 හුවමාරු යොමු  

නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.


නුඹේ පියවරුන් ළඟට යාමට නුඹේ දවස් සම්පූර්ණවූ කල, මම නුඹේ පුත්‍රයෙක්වූ නුඹේම දරුවෙක් නුඹට පසුව පිහිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථිරකරන්නෙමි.


ආබ්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය.


මැරුණු කෙනෙකු ගැන නාඬන්න, ශෝක නොවෙන්න. අහක්ව යන්නාවූ අය ගැන තදින් අඬන්න; මක්නිසාද ඔහු තවත් හැරී නොඑන්නේය, තමා උපන් දේශයද තවත් නොදකින්නේය.


මම නුඹේ පියවරුන් වෙතට නුඹ පමුණුවන්නෙමි, මා විසින් මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් පමුණුවන සියලු විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හුද හැරී ඇවිත් රජුට සැලකළෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ නුඹේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.


එවිට හෙසකියා: නුඹ කී ස්වාමීන්වහන්සේගේ වචනය යහපත්යයි යෙසායාට කීවේය. තවද ඔහු: සමාදානයත් සැබෑකමත් මාගේ දවස්වල ඇත්නම් හොඳ නොවේදැයි යෙසායාට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්