ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 9:1 - Sinhala New Revised Version 2018

සැදැහැවතුන්ට ආධාර දීම ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සැදැහැවතුන්ට ආධාර දීම ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ශුද්ධවතුනට සේවය කිරීම ගැන මා ඔබට ලිවීම අවශ්‍ය නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීම ගැන මා විසින් නුඹලාට ලිවීම ඕනෑ නැත.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 9:1
18 හුවමාරු යොමු  

දෙටු පුත් ඒසව්ගේ මේ වචන රෙබෙකාට දන්වන ලදින් ඈ පණිවුඩයක් යවා, තම බාල පුත් ජාකොබ් කැඳවා, “මෙන්න, නුඹේ සොහොයුරු ඒසව් නුඹ මරා, නුඹෙන් පළිගන්න අදහස් කරයි.


එහෙත්, සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස නුඹලා එවූ ජුදාහි රජුට මෙසේ කියන්න, නුඹ ඇසූ වචන ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:


දෙවිඳුන්ගේ මහානුභාවය අචින්ත්‍ය ය, බලපරාක්‍රමයෙන් ද යුක්තියෙන් ද දැහැමිකමෙන් ද එතුමාණෝ උත්තරීතර ය. එතුමාණන්ට ළඟා වීමට අපට නොහැකි ය.


රජිඳුන් උදෙසා මේ කාව්‍යය රචනා කරමි. එවිට මාගේ සිත විසිතුරු තේමාවකින් පිබිදෙයි. මාගේ දිව දක්ෂ ලේඛකයෙකුගේ පන්හිඳ වැනි ය.


තවද, පුනරුජ්ජීවනය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ මේ දේ ඔබ කියවා නැද් ද?


“අවුරුදු කීපයකට පසු මාගේ සෙනඟට සම්මාදම් බාර දී පූජා පවත්වනු සඳහා මෙහි ආවෙමි.


ජුදෙව්වරුන් සුබ අස්න ප්‍රතික්ෂේප කළ නිසා ඔව්හු දෙවියන් වහන්සේගේ සතුරෝ වූ හ. එය ඔබගේ යහපතට හැරුණි. එහෙත් ඔවුන්ගේ පියවරුන් නිසා දෙවියන් වහන්සේ ඔවුන් තෝරාගත් බැවින්, ඔව්හු දෙවියන් වහන්සේගේ මිත්‍රයෝ වූ හ.


සැදැහැවතුන්ගේ ඕනෑඑපාකම් වල දී උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදි ව සිටින්න.


ජෙරුසලම උදෙසා මා කරන උපස්ථානය දෙවියන් වහන්සේගේ සෙනඟට පිළිගත හැකි දෙයක් වන පිණිසත්, දේව කැමැත්ත අනුව ප්‍රීතියෙන් ඔබ වෙත පැමිණ, ඔබ සමඟ විවේක සුවය ලබන පිණිසත්,


ඔවුන් අපෙන් කළ එක ම ඉල්ලීම නම් දිළිඳුන් සිහි කරන ලෙස ය. මා කරන්න ආශාවෙන් සිටියේත් එය ම ය.


එබැවින් අපට ඉඩ ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ට ම, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ පවුලට අයිති වූ අයට, යහපත්කම් කරමු.


සහෝදරවරුනි, මේවා සිදුවෙන කාලවේලා හා අවස්ථා ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත.


උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.


ඔබත් මාත් අතර කළ ගිවිසුම පිළිබඳ ව නම් එය සදහට ම පවතින බවට සමිඳාණන් වහන්සේ වග බලාගන්න සේක.”