Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 9:2 - Sinhala New Revised Version 2018

2 ඔබගේ උද්‍යෝගය ගැන මම දනිමි. ගිය අවුරුද්දේ සිට ම ග්‍රීසියේ වාසීන් වන ඔබ ආධාර දීමට සූදානම් ව සිටි බව කියමින් මසිදෝනියේ වැසියන්ට ඔබ ගැන පාරට්ටු කෙළෙමි. තවද ඔබගේ උද්‍යෝගය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් උනන්දු කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔබගේ උද්‍යෝගය ගැන මම දනිමි. ගිය අවුරුද්දේ සිට ම ග්‍රීසියේ වාසීන් වන ඔබ ආධාර දීමට සූදානම් ව සිටි බව කියමින් මසිදෝනියේ වැසියන්ට ඔබ ගැන පාරට්ටු කෙළෙමි. තවද ඔබගේ උද්‍යෝගය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් උනන්දු කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 මන්ද අකාය වාසීන් පසුගිය වසරේ සිටම සූදානමින් සිටින බැව් පවසමින්, මකිදෝනියෙහි ජනයාට ඔබ ගැන මා කළ පාරට්ටුව ලෙස, ඔබගේ ලැදි සූදානම ගැන මම දනිමි. ඔවුන් වැඩි දෙනකු පොලඹවනු ලැබුවේ ඔබගේ එම උද්යෝගයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 මක්නිසාද නුඹලාගේ මනාපකම දනිමි, අකාය ගිය අවුරුද්දේ පටන්ම සූදානම්ව සිටියායයි මකිදෝනිවරුන්ට නුඹලා ගැන පාරට්ටුකරමි; නුඹලාගේ ජ්වලිතකමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලඹවනු ලැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 9:2
14 හුවමාරු යොමු  

මේ ගැන මාගේ අදහස මම ඔබට කියමි. ඔබ අවුරුද්දකට පෙර ආධාර දීමට කැමැති වී, එය ක්‍රියාවේ යෙදවීමට පුරෝගාමී වූවහු ය.


මා මෙය කියන්නේ අණ දීමක් ලෙස නොව, අනෙකුත් අය ආධාර කිරීමට කෙතරම් උද්‍යෝගිමත් දැ යි මා ඔබට දැන්වීමෙන් ඔබගේ ප්‍රේමයේ සැබෑකම සෝදිසි කරන පිණිස ය.


සියලු සභාවන් ඉදිරියෙහි ඔබගේ ප්‍රේමය ගැන ද ඔබට ඇති අපගේ පාරට්ටුව ගැන ද ඔවුන්ට සාක්ෂි දක්වන්න.


තවද ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණිස එකිනෙකා ගැන සලකමු.


සහෝදරවරුනි, මම ඔබගෙන් ඉල්ලීමක් කරමි. ස්තේපනස්ගේ ගෘහවාසීන් ග්‍රීසියේ දී මුලින් ම හැරුණු අය බව ද ඔවුන් කිතුනු සේවයට සිය කැමැත්තෙන් කැප වූ බව ද ඔබ දන්නහු ය.


මෙලෙස ඔබ මසිදෝනියෙහි සහ ග්‍රීසියෙහි සිටින සියලු ඇදහිලිවතුන්ට ආදර්ශයක් වූවහු ය.


එපමණක් නොව, සමිඳාණන් වහන්සේගේ මහිමය උදෙසා ද අපගේ උද්‍යෝගයේ සාක්ෂියක් වශයෙන් ද පුදන මේ දීමනාව අප සමඟ ගෙන යන පිණිස අපේ සහකාරයා වීමට සභාවන් මඟින් ඔහු පත් කර ඇත.


ඔබ මට හොඳට ම විශ්වාස ය. ඔබ ගැන මම ආඩම්බර වෙමි. අපේ සියලු දුක්විපත්වල දී මම ධෛර්යයෙන් පිරී ප්‍රීතියෙන් පිනා යමි.


දේව කැමැත්ත අනුව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු වන පාවුලුගෙන් ද සහෝදර තිමෝතියස්ගෙන් ද කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතටත්, ග්‍රීසිය පුරා සිටින දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ වෙතටත් ය.


එහෙත් ගලියෝ අකයියාවේ අධිපතියා ව සිටිය දී ජුදෙව්වරු එක්සිත් ව පාවුලුට විරුද්ධ ව නැඟී සිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්,


“අවුරුදු කීපයකට පසු මාගේ සෙනඟට සම්මාදම් බාර දී පූජා පවත්වනු සඳහා මෙහි ආවෙමි.


මන්ද, ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ සෙනඟ අතර සිටින දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මසිදෝනියේත් ග්‍රීසියේත් සභාවන් තීරණය කර ඇත.


ඔබ ගැන ඔහුට යම් පාරට්ටුවක් කෙළෙම් නම්, මම ඒ ගැන ලජ්ජා නොවීමි. එහෙත් ඔබට අප පැවසූ සියල්ල සැබෑ වූ සේ ම, තීතස්ට අප කළ ඒ පාරට්ටුවත් සැබෑ වී ඇත.


ඔබ පටන්ගත් ඒ දේ දැන් අවසාන කළ යුතු ය. එවකට ආධාර දීමට ඔබ උද්‍යෝගිමත් වූ ලෙස ම එය නිමකරන්නට ද උද්‍යෝගිමත් වන්න. ඒ සඳහා හැකි පමණට දෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්