මෙසේ ඒ කාලයේ දී ඉශ්රායෙල්වරු යටත් කරන ලද්දෝ ය. ජුදාවරු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා ජයගත්හ.
2 ලේකම් 14:10 - Sinhala New Revised Version 2018 ආසා වනාහි ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. එවිට මාරේෂාහි ශෙපාතා මිටියාවතෙහි ඔව්හු යුද්ධයට සැරසී සිටගත්හ. Sinhala New Revised Version ආසා වනාහි ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. එවිට මාරේෂාහි ශෙපාතා මිටියාවතෙහි ඔව්හු යුද්ධයට සැරසී සිටගත්හ. Sinhala Revised Old Version ආසා වනාහි ඔහුට විරුද්ධව ගියේය. එවිට මාරෙෂාහි ශෙපාතා මිටියාවතෙහි ඔව්හු යුද්ධ පිළිවෙළින් සිටගත්තෝය. |
මෙසේ ඒ කාලයේ දී ඉශ්රායෙල්වරු යටත් කරන ලද්දෝ ය. ජුදාවරු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා ජයගත්හ.
ආසා තම දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “සමිඳුනි, බලසම්පන්න අයට විරුද්ධ ව බලහීන අයට පිහිට වන්න ඔබ හැර අන් කිසිවෙක් නැත්තේ ය. අපේ දෙවි සමිඳුනි, අපට පිහිට වුව මැනව. මන්ද, අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබේ නාමයෙන් මේ සමූහයට විරුද්ධ ව අවුත් සිටිමු. සමිඳුනි, ඔබ අපේ දෙවියන් වහන්සේ ය. ඔබට විරුද්ධ ව මනුෂ්‍යයා ජය නොගනීවා”යි කීවේ ය.
ඔවුන්ට විරුද්ධ ව කුෂ්හි ශෙරා දසලක්ෂයක් සෙනඟ ද රථ තුන්සියයක් ද අඩංගු වූ සේනාවක් ඇති ව පිටත් වී මාරේෂා දක්වා පැමිණියේ ය.
දෙවියන් වහන්සේ පිලිස්තිවරුන්ටත්, ගුර්-බාල්හි සිටි අරාබිවරුන්ටත්, මෙයුනිවරුන්ටත් විරුද්ධ ව ඔහුට උපකාර කළ සේක.
ඒ නිසා හෙසකියා රජ ද ආමොස්ගේ පුත් දිවැසිවරයා වන යෙසායා ද යාච්ඤා කොට ස්වර්ගයට මොරගැසූ හ.
ඔහුට ඇත්තේ මනුෂ්‍ය බලයකි, එහෙත්, අපට පිහිට වී, අපේ යුද්ධ කරන පිණිස අප සමඟ වැඩ සිටින්නේ, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය”යි කීවේ ය. සෙනඟ ජුදාහි රජ වන හෙසකියාගේ වචනය විශ්වාස කළහ.
මාගේ ජීවිත ගමන ඔබ අතෙහි ය, මාගේ සතුරන් හා මට පීඩා කරන්නවුන් අතින් මා මුදා හැරිය මැනව.
සමිඳුනි, ඔවුන් භීතියෙන් ඇලළී යන්නට සැලසුව මැනව. ජාතීන් මැරෙන සුලු අය පමණක් බව දැනගන්නට සැලසුව මැනව.
“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගොස්, අශ්වයන් සහ රථ ද ඔබට වඩා ගණනින් විශාල සේනාවක් ද දකින විට, ඔවුන්ට බිය නොවන්න. ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක.
ජුදා සෙනඟ තමන් සහෝදර සිමියොන් සෙනඟ සමඟ ගොස්, ශෙපත්හි විසූ කානානිවරුන්ට පහර දී ඒ නගරය සහමුලින් ම විනාශ කර දැමුවෝ ය. එබැවින් ඒ නගරයට හොර්මා යන නම තබන ලදී.
ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.
එවිට දාවිත් පිළිතුරු දෙමින්, “තෝ කඩුවක් ද හෙල්ලයක් ද කුන්තයක් ද රැගෙන මා ළඟට එන්නෙහි ය. මම වනාහි තා නින්දා කළ ඉශ්රායෙල් හමුදාවල සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි.