ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් පාළුකරයෙහි අත් නොහැරිය සේක. මාර්ගයේ ඔවුන් ගෙන ගිය වලා ටැඹ දවාලේ වත්, ඔවුන් යා යුතු මාර්ගයේ දී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේ වත් ඔවුන් කෙරෙන් පහ නො වී ය.
1 කොරින්ති 10:1 - Sinhala New Revised Version 2018 සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වී දැ යි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔව්හු සියල්ලෝ ම වලාකුළක මඟ පෙන්වීම ලැබූ හ. ඔව්හු සියල්ලෝ ම රතු මුහුදින් එතෙර වූ හ. Sinhala New Revised Version සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වී දැ යි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔව්හු සියල්ලෝ ම වලාකුළක මඟ පෙන්වීම ලැබූ හ. ඔව්හු සියල්ලෝ ම රතු මුහුදින් එතෙර වූ හ. සිංහල කාලීන පරිවර්තනය සහෝදරයිනි, අපගේ ආදි පියවරුන් හැමදෙනා වලාකුළ යටතේ වූ බවත්, ඒ හැමදෙනා මුහුද මැදින් ගිය බවත් ඔබ දැන ගන්නවාට කැමැත්තෙමි. Sinhala Revised Old Version මක්නිසාද සහෝදරයෙනි, අපගේ පියවරු සියල්ලන් වලාකුළ යට සිටි බවත්, සියල්ලන්ම මුහුද මැදින් ගිය බවත්, |
ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් පාළුකරයෙහි අත් නොහැරිය සේක. මාර්ගයේ ඔවුන් ගෙන ගිය වලා ටැඹ දවාලේ වත්, ඔවුන් යා යුතු මාර්ගයේ දී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේ වත් ඔවුන් කෙරෙන් පහ නො වී ය.
සමිඳාණෝ සිය සෙනඟට ආවරණයක් ලෙස වලාකුළක් විහිදා හැරිය සේක. රෑ කාලයේ එළිය දෙන පිණිස ගින්නක් ද දුන් සේක.
එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමාණෝ තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.
නොබිය ව, සුරැකි ව යාමට එතුමාණෝ ඔවුන්ට මඟපෙන්වූ සේක. එහෙත්, මුහුද ඔවුන්ගේ සතුරන් බිලිගත්තේ ය.
එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.
එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේ ය. මණ්ඩපය සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේ ය.
එරට වැසියන්ට ද එය කියනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ වන ඔබ මේ සෙනඟ මැද වැඩ වසන බවත්, ඔබ ඔවුන්ට මුහුණට මුහුණ ලා පෙනෙන බවත්, ඔබගේ ලකුණ වන වලාකුළ ඔවුන්ට ඉහළින් රඳා සිටින බවත්, ඔබ ඔවුන්ට පෙරටුව, දවල් කාලයේ දී වලා ටැඹක් මඟින් ද, රාත්‍රි කාලයේ දී ගිනි ටැඹක් මඟින් ද වැඩම කරන බවත් ඔවුන් අසා ඇත.
පී-හාහිරොත් නම් නුවරින් නික්ම, මුහුද මැදින් පාළුකරයට ගොස්, ඒතාම් නම් පාළුකරයේ තුන් දිනක් ගමන් කොට මාරාහි ද කඳවුරු බැන්දහ.
මාගේ සහෝදරවරුනි, අන්‍ය ජාතීන් අතර මෙන් ඔබ අතරෙහිත් යම් ප්‍රතිඵලයක් අත්පත් කරගන්නා පිණිස, මම ඔබ වෙත ඊමට බොහෝ වර උත්සාහ දැරීමි. එහෙත් මේ වන තුරු එය සාර්ථක නො වූ බව ඔබට දන්වනු කැමැත්තෙමි.
ඔහු චර්මඡේදනය පසුව ලැබුවේ, චර්මඡේදනය නොලබා සිටි අවස්ථාවේ දී, ඔහුගේ ඇදහිල්ල දමිටුකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් බව සහතික කිරීමේ සලකුණක් වශයෙනි. මෙසේ ඔහු එක අතකින් ඇදහිල්ල නිසා දමිටු කරනු ලැබූ අය වශයෙන්, දෙවියන් වහන්සේ පිළිගත්, චර්මඡේදනය නොලැබූ අයගේ පියාණෝ ය.
ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති නම්, ඔබ ආබ්‍රහම්ගේ වංශයට අයිති ව, පොරොන්දුව ලෙස උරුමක්කාරයෝ ද වන්නහු ය.
කඳවුරු බැඳීම සඳහා ස්ථානයක් ඔබට සොයනු පිණිස ඔබ ගිය මඟ උන් වහන්සේ ඔබට පෙරටුවෙන් ගමන් කළ සේක. මෙලෙස උන් වහන්සේ ඔබ යා යුතු මඟපෙන්වීම සඳහා රාත්‍රි කාලයේ දී ගින්නක් මෙන් ද, දිවා කාලයේ දී වලාකුළක් මෙන් ද ගමන් කළ සේක.”
ඇදහිල්ලෙන්, ඔව්හු රතු මුහුද මැදින් වියළි බිමක මෙන් ගමන් කළෝ ය. එසේ යාමට කළ ප්‍රයත්නයේ දී මිසරවරු දියේ ගිලී මළෝ ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අප රතු මුහුදෙන් එතෙර වන තුරු එහි දිය, අප බලාගෙන සිටිය දී ම, හින්දවා දැමුවාක් මෙන්, උන් වහන්සේ ජොර්දාන් ගඟේ දිය ද අප බලාගෙන සිටිය දී හින්දවා දැමූ සේක.