Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 66:6 - Sinhala New Revised Version 2018

6 එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමාණෝ තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමන් තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 උන්වහන්සේ මුහුද වියළි බිමක් කළසේක. ඔව්හු ගංගාව මැදින් පයින් ගියෝය. එහිදී අපි උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 66:6
13 හුවමාරු යොමු  

ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.


මුහුද දෙබෑ කොට එය මැදින් එතුමාණෝ ඔවුන් ගෙන ගිය සේක. ජලකඳ වේල්ලක් මෙන් සිටීමට සැලැසූ සේක.


සෙනඟ ජොර්දාන් ගඟින් එතෙරට යන්නට තමන්ගේ කූඩාරම්වලින් නික්ම ගිය විට, ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය.


එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.


ජොර්දාන් ගඟෙන් එතෙර වනතෙක්, ඉශ්රායෙල්වරුන් සියලු දෙනා වියළි බිම පිට ගමන් කළ අතර සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද වියළි බිම පිට සිටගෙන සිටියෝ ය.


ඔබ ඔවුන්ට පිළිතුරු දෙමින් මෙසේ කියන්න, ‘ඉශ්රායෙල්වරු වියළි බිම දිගේ මේ ජොර්දාන් ගඟෙන් එතෙර වී ආවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්