දෙගොල්ල ගැන ම එකට පස ඇට දමා සංවිධාන කෙළේ ය. මන්ද, ශුද්ධස්ථානයේ අධිපතියෝත්; දෙවියන් වහන්සේගේ අධිපතියෝත් එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සහ ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේත් වූ හ.
ක්‍රියා 1:26 - Sinhala New Revised Version 2018 එකල ඔව්හු ඔවුන් පිළිබඳ ව දාදු දැමූ හ; දාදුව මතියස්ට වැටිණි. එහෙයින් ඔහු ද අපෝස්තුළුවරුන් එකොළොස් දෙනා සමඟ ගණන්ගන්නා ලදී. Sinhala New Revised Version එකල ඔව්හු ඔවුන් පිළිබඳ ව දාදු දැමූ හ; දාදුව මතියස්ට වැටිණි. එහෙයින් ඔහු ද ප්‍රේරිතවරුන් එකොළොස් දෙනා සමඟ ගණන්ගන්නා ලදී. සිංහල කාලීන පරිවර්තනය ඔවුන් උදෙසා කුසපත් ඇද්දහ. කුසපත වැටුණේ මත්තියස්ට ය. එබැවින් ඔහු ද අපෝස්තුලුවරුන් එකොළොස් දෙනා සමඟ ගණන් ගන්නා ලද්දේ ය. Sinhala Revised Old Version ඔවුන් ගැන පසඇට දැමුවෝය; එවිට පසඇටය මත්තියස්ට වැටුණේය; ඔහු ප්‍රේරිතයන් එකොළොස්දෙනා සමඟ ගණන්ගන්නාලද්දේය. |
දෙගොල්ල ගැන ම එකට පස ඇට දමා සංවිධාන කෙළේ ය. මන්ද, ශුද්ධස්ථානයේ අධිපතියෝත්; දෙවියන් වහන්සේගේ අධිපතියෝත් එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සහ ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේත් වූ හ.
තවද, ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ගිනි දල්වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයට අපේ පිය වංශවල ප්‍රකාරයට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දෙන පඬුරු ගෙන ඊම ගැන පූජකයන් ද ලෙවීවරුන් ද සෙනඟ ද වන අපි පස ඇට දැමුවෙමු.
තවද, සෙනඟගේ අධිපතීහු ජෙරුසලමෙහි වාසය කළෝ ය. සෙසු සෙනඟ තමන් අතරෙන් දසදෙනෙකුගෙන් එක් කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන ජෙරුසලමෙහි වාසය කිරීමට එවන පිණිස පස ඇට දැමුවෝ ය. සෙසු කොටස් නුවරවල වාසය කළෝ ය.
ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේට එකෙකු ද අශාශෙල්ට එකෙකු ද වශයෙන් තෝරාගැනීම සඳහා, එළුවන් දෙදෙනාට දාදු දැමිය යුතු ය.
එකල නාවික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින්, “මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දැ යි දැනගන්න පිණිස පස ඇට දමමු”යි කී හ. ඒ අනුව ඔව්හු පස ඇට දැමූ හ. පස ඇටය ජෝනාට වැටිණි.
අපෝස්තුළුවරු ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ.
එබැවින් ඔව්හු දෙදෙනෙකු ඉදිරිපත් කළහ. ඒ යුස්තස් යන තවත් නමක් දැරූ බාර්සබස් නමින් හඳුන්වනු ලැබූ ජෝසෙප් සහ මතියස් යන දෙදෙනා ය.
උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක.
එවිට එකොළොස් දෙනා සමඟ නැඟී සිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කී ය: “ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගෝත්‍ර නවයටත්, අර්ධ ගෝත්‍රයටත් දාදු දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේ ය.
ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.
නුවර පවුරෙහි අත්තිවාරම් දොළොසක් විය. ඒවා පිට බැටළු පෝතකයාණන්ගේ අපෝස්තුළුවරු දොළොස් දෙනාගේ නාම දොළොස ලියා තිබිණි.