Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 6:30 - Sinhala New Revised Version 2018

30 අපෝස්තුළුවරු ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ප්‍රේරිතයෝ ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

30 අපෝස්තුලුවරු යේසුස්වහන්සේ වෙත රැස්ව, තමන් කළ දෑ හා ඉගැන්වූ දෑ යන සියල්ල උන්වහන්සේට පැවසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 ප්‍රේරිතයෝ යේසුස්වහන්සේ වෙතට රැස්ව තමුන් විසින් කළාවූද ඉගැන්නුවාවූද සියල්ල උන්වහන්සේට දැන්නුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:30
17 හුවමාරු යොමු  

මෙහෙකරුවා තමා කළ සියල්ල ඊසාක්ට පැවසී ය.


අපෝස්තුළුවරුන් දොළොස් දෙනාගේ නම් මෙසේ ය: පළමු ව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ය; සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ය;


උන් වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක; ඔවුන්ට අපෝස්තුළුවරු යයි නම් තැබූ සේක. උන් වහන්සේ එසේ කෙළේ, ඔවුන් තමන් හා සමඟ සිටින පිණිසත්, සුබ අස්න දේශනා කිරීමට යවන පිණිසත්,


ජොහන්ගේ ගෝලයෝ ඒ ගැන අසා අවුත්, ඔහුගේ මෘත දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.


ඉන්පසු සැත්තෑ දෙනා ප්‍රීතියෙන් හැරී අවුත්, “ස්වාමීනි, ඔබගේ නාමයේ අනුහසින් දුෂ්ටාත්මයෝ පවා අපට අවනත වෙති”යි කී හ.


එවිට අපෝස්තුළුවරු කතා කොට, “අපේ ඇදහිල්ල වැඩි කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට කී හ.


නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. අපෝස්තුළුවරු ද උන් වහන්සේ සමඟ හිඳගත්හ.


ඒ ස්ත්‍රීහු නම්: මග්දලායේ මරියා, ජොවන්නා සහ ජාකොබ්ගේ මව වූ මරියා ය. ඔවුන් සහ අනිකුත් ස්ත්‍රීහු ද අපෝස්තුළුවරුන්ට එපවත් කී හ.


පහන් වූ කල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, ඔවුන් අතරෙන් දොළොස් දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට අපෝස්තුළුවරු යයි නම් තැබූ සේක.


අපෝස්තුළුවරු ආපසු පැමිණ, තමන් කළ සියලු දේ උන් වහන්සේට දැන් වූ හ. එවිට උන් වහන්සේ ඔවුන් වෙන්කොට බෙත්සයිදා නම් නුවරකට ඉවත් ව ගිය සේක.


එකල ඔව්හු ඔවුන් පිළිබඳ ව දාදු දැමූ හ; දාදුව මතියස්ට වැටිණි. එහෙයින් ඔහු ද අපෝස්තුළුවරුන් එකොළොස් දෙනා සමඟ ගණන්ගන්නා ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්