Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 16:8 - Sinhala New Revised Version 2018

8 ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේට එකෙකු ද අශාශෙල්ට එකෙකු ද වශයෙන් තෝරාගැනීම සඳහා, එළුවන් දෙදෙනාට දාදු දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේට එකෙකු ද අශාශෙල්ට හෙවත් කාන්තාර යක්ෂයාට එකෙකු ද වශයෙන් තෝරාගැනීම සඳහා, එළුවන් දෙදෙනාට දාදු දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එවිට ආරොන් එළුවන් ගැන පසඇට දැමිය යුතුය: ස්වාමීන්වහන්සේට එක පස ඇටයක්ය, අශාශෙල්ට එක පස ඇටයක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 16:8
12 හුවමාරු යොමු  

තීරණයක් ගැනීමට පස ඇට දමනු ලැබේ; තීරණය දෙන්නේ සමිඳාණෝ ය.


“ඉශ්රායෙල් ගෝත්‍රවලට උරුමයක් පිණිස නුඹලා පස ඇට දමා බෙදිය යුතු දේශය එය වේ. ඔවුන්ගේ කොටස් ඒවා ය.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


එහෙත්, අශාශෙල්ට දීමට දාදු වැටුණු එළුවා, පණපිටින් ම සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කොට, පව් කමාව ලබාගැනීම සඳහා ඌට පාළුකරයට යෑමට ඉඩ හැරිය යුතු ය.


පාපයන් දරාගෙන අශාශෙල් වෙත පාළුකරයට ගිය එළුවා දක්කාගෙන ගිය තැනැත්තා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.


ඔහු එළුවන් දෙදෙනා ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්විය යුතු ය.


ආරොන් සමිඳාණන් වහන්සේට පිදීමට දාදුව වැටුණ එළුවා ගෙන, පාප පූජාවක් සඳහා ඌ පිදිය යුතු ය.


එකල නාවික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින්, “මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දැ යි දැනගන්න පිණිස පස ඇට දමමු”යි කී හ. ඒ අනුව ඔව්හු පස ඇට දැමූ හ. පස ඇටය ජෝනාට වැටිණි.


එහෙත්, රට බෙදා පංගු කිරීම කළ යුත්තේ දාදු දැමීමෙනි. ඔවුනොවුන්ගේ පිය පෙළපත්හි ගෝත්‍ර නාම අනුව උරුමය හිමි විය යුතු ය.


තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්‍ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්