Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 27:10

Sinhala Revised Old Version

පාර්සිවරුද ලූද්වරුද පුට්වරුද නුඹේ සේනාවෙහි සිටියෝය; ඔව්හු නුඹේ යුද්ධකාරයෝය. ඔව්හු පලිස්ද යුද්ධ තොප්පිද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දක්වාලූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

15 හුවමාරු යොමු  

(එය මහත් නුවරය.) මිශ්‍රයිම්ට දාව ලූදිම්වරුද අනාමිම්වරුද ලෙහාබිම්වරුද නප්තුහිම්වරුද

ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂුර්, අර්පක්ෂද්, ලුද් සහ අරාම්ය.

හාම්ගේ පුත්‍රයෝනම්: කූෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන්ය.

මිශ්‍රයිම්ට දාව ලූදිවරුද අනාමිවරුද ලෙහාබිවරුද නප්තුහිවරුද,

ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක්ය.

හාම්ගේ පුත්‍රයෝනම්: කූෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන්ය.

නුඹේ බෙල්ල බලවතුන්ගේ වැසුම් වන පලිස් දහසක් එල්ලා තිබෙන්නාවූ, ආයුධ තැබීමට ගොඩනැගූ දාවිත්ගේ කොත මෙන්ය.

මම ඔවුන් අතරේ ලකුණක් තබා, ඔවුන්ගෙන් ගැළවීයන අය මාගේ කීර්තිය නෑසුවාවූ, මාගේ තේජස නුදුටුවාවූ දුරස්තර ද්වීපයන් වන තර්ෂිෂ්හිද පූල්හිද දුනුවායන් සිටින ලූද්හිද තුබල්හිද යාවාන්හිද සිටින ජාතීන් වෙතට යවන්නෙමි; ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස දන්වනවා ඇත.

අශ්වයෙනි, නැගීයව්; රථයෙනි, වේගයෙන් දුවන්න; බලවන්ත මනුෂ්‍යයෝ වන පලිහ අල්ලන කූෂ්වරුද පූට්වරුද දුනු අල්ලා තැත් කවන ලුදිවරුද පිටතට යෙත්වා.

ඔව්හු නුඹ ගැන විලාපයක් කියමින්: මුහුදේ යාත්‍රාකරන්නන් විසුවාවූ ප්‍රශංසා ලැබූ නුවරව, මුහුදෙහි බලවත්ව සිටියාවූ නුඹ විනාශවූ හැටි! ඈ සහ එහි වැසියෝ තමුන්ගේ භයානකකම එහි විසූ සියල්ලන් කෙරෙහි තැබුවෝය.

අර්වද්හි පුත්‍රයෝද නුඹේ සේනාවද නුඹේ පවුරු පිට වටේට සිටියෝය, ගම්මද්හි මනුෂ්‍යයෝ නුඹේ කොත්වල සිටියෝය. ඔව්හු තමුන්ගේ පලිස් නුඹේ පවුරුවල වටේට එල්ලා තැබුවෝය; ඔව්හු නුඹේ රුව සම්පූර්ණකළෝය.

කූෂ්වරුද පූට්වරුද ලූද්වරුද මුළු මිශ්‍ර සේනාවද කූබ්වරුද ගිවිසුමට බැඳුණු දේශයේ පුත්‍රයෝද ඔවුන් සමඟ කඩුවෙන් වැටෙන්නෝය.

ඔවුන් සමඟ පාර්සිවරුද කූෂ්වරුද පූට්වරුද සිටිති; ඔවුන් සියල්ලන්ට පලිස්ද යුද්ධ තොප්පිද තිබේ.

පෙරෙස් යනු ඔබගේ රාජ්‍යය බෙදා, මේදවරුන්ටත් පර්සිවරුන්ටත් දෙනලද්දේය යනුයයි කීවේය.

කූෂ් සහ මිසරය ඇගේ බලයය, නිමක්ද නැත; පූට් සහ ලූබ්වරු නුඹේ උපකාරකාරයෝ වූවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්