ගෙබල්හි වැඩිමහල්ලෝද එහි ප්‍රඥාවන්තයෝද නුඹ තුළ නුඹේ කැඩුම් හරිගස්සන්නෝව සිටියෝය. නුඹේ වෙළඳාමේ යෙදී සිටීමට මුහුදේ සියලු නැව්ද ඒවා යාත්‍රාකරන්නෝද නුඹ තුළ සිටියෝය.
සාලමොන්ගේ වඩුවෝද හීරාම්ගේ වඩුවෝද ගෙබලිවරුද ඒවා කැපුවෝය, මෙසේ ගෘහය තැනීමට ඔව්හු ලී දඬුද ගල්ද සූදානම්කළෝය.
එහි නැව් යති; එහි ක්‍රීඩාකරන්ට ඔබ සෑදූ ලෙවියාතන් එහි සිටියි.
ගෙබාල්, අම්මොන් සහ අමෙලක්ය; තීර් වැසියන් සමඟ පිලිස්තියෝය.
අෂූර්ද ඔවුන්ට එකතුවූවෝය; ඔව්හු ලොත්ගේ පුත්‍රයන්ට උපකාර කළෝය.
ගෙබල්වරුන්ගේ දේශයත්, නැගෙනහිරට හෙර්මොන් කන්ද පහළින් තිබෙන බාල්-ගාද් පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා මුළු ලෙබනොනුත්ය.
පොළොවේ වෙළෙන්දෝද කිසිවෙක් ඔවුන්ගේ වෙළඳාම් බඩු නොගන්න බැවින් ඈ ගැන අඬා ශෝකවෙති. ඒ බඩු නම්:
මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රිකපානය බී වැටුණෝය; පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැපජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයයි කීවේය.