Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 27:11

Sinhala Revised Old Version

අර්වද්හි පුත්‍රයෝද නුඹේ සේනාවද නුඹේ පවුරු පිට වටේට සිටියෝය, ගම්මද්හි මනුෂ්‍යයෝ නුඹේ කොත්වල සිටියෝය. ඔව්හු තමුන්ගේ පලිස් නුඹේ පවුරුවල වටේට එල්ලා තැබුවෝය; ඔව්හු නුඹේ රුව සම්පූර්ණකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

නුඹේ බෙල්ල බලවතුන්ගේ වැසුම් වන පලිස් දහසක් එල්ලා තිබෙන්නාවූ, ආයුධ තැබීමට ගොඩනැගූ දාවිත්ගේ කොත මෙන්ය.

පාර්සිවරුද ලූද්වරුද පුට්වරුද නුඹේ සේනාවෙහි සිටියෝය; ඔව්හු නුඹේ යුද්ධකාරයෝය. ඔව්හු පලිස්ද යුද්ධ තොප්පිද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දක්වාලූවෝය.

සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂීෂ් නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය; ඔව්හු රිදීවලින්ද යකඩවලින්ද බෙලෙක්වලින්ද ඊයම්වලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.

ශීදොන්හි සහ අර්වද්හි වැසියෝ නුඹේ හබල්කාරයෝව සිටියෝය. එම්බා තීර්, නුඹ තුළ සිටි නුඹේ ප්‍රඥාවන්තයෝම නුඹේ නාවිකයෝව සිටියෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්