ශිබෙයොන්ගේ දුව වන අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ ඒසව් නිසා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. ඒසව්ගේ පුත්‍රයන්ගේ අධිපතියෝ මොව්හුය.
රෙවුයෙල්ගේ පුත්‍රයෝ නහත්, සෙරා, ෂම්මා සහ මිස්සාය. ඒසව්ගේ භාර්යාවවූ බාසෙමත්ගේ පුත්‍රයෝ මොව්හුය.
ඒසව්ගේ කුලුඳුල් පුත්‍රවූ එලිඵස්ගේ පුත්‍රයෝ අධිපතිවූ තේමාන්, අධිපතිවූ ඕමාර්, අධිපතිවූ ශෙපෝ, අධිපතිවූ කෙනස්,
ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතිවූ යෙවූෂ්, අධිපතිවූ යලාම් සහ අධිපතිවූ කොරාය. මොව්හු අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝය.
ඒසව් කානාන්හි දූවරුන්ගෙන් හිත්තීය එලොන්ගේ දූවූ ආදාද හිවීය ශිබෙයොන්ගේ දූවූ අනාගේ දූවූ ඔහොලිබාමාද
ඔහොලිබාමා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. කානාන් දේශයේදී ඒසව්ට උපන්නාවූ පුත්‍රයෝ මොව්හුය.
ඒසව්ගේ පුත්‍රයෝ නම්: එලීපස්, රූවෙල්, යෙවුෂ්, යලාම් සහ කෝරාය.