Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 36:15

Sinhala Revised Old Version

ඒසව්ගේ කුලුඳුල් පුත්‍රවූ එලිඵස්ගේ පුත්‍රයෝ අධිපතිවූ තේමාන්, අධිපතිවූ ඕමාර්, අධිපතිවූ ශෙපෝ, අධිපතිවූ කෙනස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

19 හුවමාරු යොමු  

ශිබෙයොන්ගේ දුව වන අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ ඒසව් නිසා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. ඒසව්ගේ පුත්‍රයන්ගේ අධිපතියෝ මොව්හුය.

අධිපතිවූ කොරා, අධිපතිවූ ගයිතාම් සහ අධිපතිවූ අමලෙක්ය. මොව්හු ඒදොම් දේශයෙහි එලිඵස්ගෙන් පැවත ආ අධිපතියෝය; මොව්හු ආදාගේ පුත්‍රයෝය.

ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතිවූ යෙවූෂ්, අධිපතිවූ යලාම් සහ අධිපතිවූ කොරාය. මොව්හු අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝය.

ආදා ඒසව් නිසා එලිඵස් බිහිකළාය; බාසෙමත්ද රෙවුයෙල් බිහිකළාය;

යෝබාබ් මැරුණායින් පසු තේමාන්වරුන්ගේ රටේ හූෂාම් ඔහු වෙනුවට රජකම්කෙළේය.

යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.

ඔවුන් ඉදිරියෙහි ඔවුන්ගේ වංශයද ඔවුන්ගේ ඇස් හමුවෙහි ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ පිහිටෙන්නෝය.

එවිට තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:

දුෂ්ටයා ඉතා බලවත්ව ජන්ම භූමියෙහි වැවෙන අමු ගසක් මෙන් විශාලවෙනවා දුටිමි.

එවිට ඒදොම්හි අධිපතියෝ විස්මයට පත්වූවෝය; වෙවුලුම මෝවබ්හි බලවන්තයන් අල්වාගනී. කානාන්හි සියලු වැසියෝ දියව ගියෝය.

එබැවින් ස්වාමීන්වහන්සේ ඒදොමට විරුද්ධව කරගත් මන්ත්‍රණයද තේමාන්හි වැසියන්ට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත; සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.

ඒදොම ගැනය. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: තේමාන්හි තවත් ප්‍රඥාව නැද්ද? බුද්ධිමත් අය අතරෙන් මන්ත්‍රණය නැතිවීද? ඔවුන්ගේ ප්‍රඥාව පහවගියාද?

ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ඒදොම්ට විරුද්ධව මාගේ අත දිගුකොට, එතනින් මනුෂ්‍යයන්ද මෘගයන්ද සිඳදමා, තේමාන් පටන් දෙදාන් දක්වා ඒක පාළුවක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් වැටෙනවා ඇත.

ඒ නිසා මම බොශ්රාහි මාළිගා විනාශකරන ගින්නක් තේමාන්ට අරින්නෙමි.

ඒසව්ගේ කඳුකරයෙන් හැමදෙනාම මරා සිඳදමනු ලබන පිණිස, එම්බා තේමාන්, නුඹේ බලවන්තයෝ කැලඹෙන්නෝය.

දෙවියන්වහන්සේ තේමාන් සිටද ශුද්ධ තැනන්වහන්සේ පාරාන් කන්දේ සිටද එනසේක. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය වසාගත්තේය, පොළොවද උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්