රෙවුයෙල්ගේ පුත්‍රයෝ නහත්, සෙරා, ෂම්මා සහ මිස්සාය. ඒසව්ගේ භාර්යාවවූ බාසෙමත්ගේ පුත්‍රයෝ මොව්හුය.
ඒසව් සතළිස් අවුරුදු වයස්වූ කල හිත්තීය බෙයේරීගේ දූවූ යූදිත් හා හිත්තීය ඒලොන්ගේ දූවූ බසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය.
තිම්නා ඒසව්ගේ පුත්‍රවූ එලිඵස්ගේ උපභාර්යාව වූවාය; ඈ එලිඵස් නිසා අමලෙක් බිහිකළාය. ඒසව්ගේ භාර්යාවවූ ආදාගේ පුත්‍රයෝ මොව්හුය.
ශිබෙයොන්ගේ දුව වන අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ ඒසව් නිසා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. ඒසව්ගේ පුත්‍රයන්ගේ අධිපතියෝ මොව්හුය.
ඒසව්ගේ පුත්‍රවූ රෙවුයෙල්ගේ පුත්‍රයෝ: අධිපතිවූ නහත්, අධිපතිවූ ශෙරා, අධිපතිවූ ෂම්මා සහ අධිපතිවූ මිස්සාය. මොව්හු ඒදොම් දේශයෙහි රෙවුයෙල්ගෙන් පැවත ආ අධිපතියෝය; මොව්හු ඒසව්ගේ භාර්යාවවූ බාසෙමත්ගේ පුත්‍රයෝය.
රූවෙල්ගේ පුත්‍රයෝ නම්: නාහත්, සෙරා, ෂම්මා සහ මිස්සාය.