Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 35:13

Sinhala Revised Old Version

ඔව්හු පාස්කුව ව්‍යවහාරය ලෙස ගින්නෙන් පුලුස්සා, ශුද්ධවූ අනික් ඒවා ඇතිලිවලද කටාරම්වලද හැළිවලද තම්බා, ඉක්මනින් මුළු සෙනඟට ගෙනැත් දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

ඔව්හු මෝසෙස්ගේ පොතෙහි ලියා තිබෙන ලෙස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස දවන පූජාව සෙනඟගේ පුත්‍රයන්ගේ පියවංශ බෙදීම්වල හැටියට දීමට වෙන්කළෝය. ගවයින් ගැනත් එසේම කළෝය.

ඉන්පසු ඔව්හු තමුන්ටත් පූජකයන්ටත් පිළියෙළ කළෝය; මක්නිසාද ආරොන්ගේ පුත්‍රයෝවූ පූජකයෝ දවන පූජාද තෙලද රෑ වෙනතුරු ඔප්පුකරමින් සිටියෝය. ලෙවීවරුද තමුන්ටත් ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ටත් පිළියෙළකළෝය.

මම වතුර මෙන් වැගිරයෙමි, මාගේ ඇට සියල්ල අවසන්ධිවේ. මාගේ සිත ඉටි මෙන් වේ; එය මා තුළෙහි උණුවී තිබේ.

ඔහුද: මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්ටත් ආහාර පූජාව බදින්ටත් ඕනෑවූ ඉඩමය; එසේ කරන්නේ සෙනඟ ශුද්ධකරන පිණිස ඒවා පිට-මළුවට නොගෙනියන පිණිසයයි මට කීවේය.

එහෙත් ඒක තැම්බූ මැටි භාජනය බිඳ දැමිය යුතුය. එය පිත්තල භාජනයක තම්බන ලද්දේ වීනම් භාජනය මැදලා වතුරෙන් සේදිය යුතුය.

පූජකයා බැටළුවාගේ පිසනලද ඉස්සරහ ගාතය සහ පැසෙන් මුහුන් නැති එක රොටියක්ද මුහුන් නැති සිහින් පූපයක්ද ගෙන ඒවා නසරීයයා තමාගේ කැපවීමේ හිස බූගෑවායින් පසු ඔහුගේ අත් පිට තබා,

උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; ස්වාමීන්වහන්සේට සේවයකරන්න;

තවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී ඒක පුලුස්සා කා, උදය නුඹේ කූඩාරම්වලට හැරී යන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්