ඔව්හු මෝසෙස්ගේ පොතෙහි ලියා තිබෙන ලෙස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස දවන පූජාව සෙනඟගේ පුත්‍රයන්ගේ පියවංශ බෙදීම්වල හැටියට දීමට වෙන්කළෝය. ගවයින් ගැනත් එසේම කළෝය.
ඔව්හු පාස්කු බැටළු පැටවුන් මැරුවෝය, පූජකයෝද ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝය, ලෙවීවරු සතුන් හමගැසුවෝය.
ඔව්හු පාස්කුව ව්‍යවහාරය ලෙස ගින්නෙන් පුලුස්සා, ශුද්ධවූ අනික් ඒවා ඇතිලිවලද කටාරම්වලද හැළිවලද තම්බා, ඉක්මනින් මුළු සෙනඟට ගෙනැත් දුන්නෝය.
ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.
ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද,
ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනයෙහි ගින්නේ දර පිට තිබෙන දවන පූජාව මත්තෙහි එය දවත්වා. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳ පූජාවක්ය.
තවද ස්වාමීන්වහන්සේට දවන පූජාවක් වන ගිනි පූජාවක් කොට කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද රැගෙන ඔප්පුකරන්න.
නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර උන්ද උන්ගේ පාන පූජාවල්ද ඔප්පුකරන්න. උන් කැලල් නැති සත්තු විය යුතුය.