Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 35:14

Sinhala Revised Old Version

ඉන්පසු ඔව්හු තමුන්ටත් පූජකයන්ටත් පිළියෙළ කළෝය; මක්නිසාද ආරොන්ගේ පුත්‍රයෝවූ පූජකයෝ දවන පූජාද තෙලද රෑ වෙනතුරු ඔප්පුකරමින් සිටියෝය. ලෙවීවරුද තමුන්ටත් ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ටත් පිළියෙළකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

ඔව්හු පාස්කුව ව්‍යවහාරය ලෙස ගින්නෙන් පුලුස්සා, ශුද්ධවූ අනික් ඒවා ඇතිලිවලද කටාරම්වලද හැළිවලද තම්බා, ඉක්මනින් මුළු සෙනඟට ගෙනැත් දුන්නෝය.

ආසාප්ගේ පුත්‍රයෝවූ ගීතිකාකාරයෝද දාවිත්ගෙත් ආසාප්ගෙත් හේමාන්ගෙත් රජුගේ දිවස් ඇත්තාවූ යෙදූතුන්ගෙත් ආඥාවේ ප්‍රකාරයට තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය; දොරටුපාලයෝ එක එක දොරටුවෙහි සිටියෝය. තමුන්ගේ සේවයෙන් අහක්ව යන්ට ඔවුන්ට ඕනෑකළේ නැත, මක්නිසාද ඔවුන්ගේ සහෝදරවූ ලෙවීවරු ඔවුන් උදෙසා පිළියෙළකළෝය.

ගොඩනගන්නෝ ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දමන කල ඉශ්‍රායෙල්හි රජවූ දාවිත්ගේ පිළිවෙළේ හැටියට ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන පිණිස පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇතුවද ආසාප්ගේ පුත්‍රයෝ වන ලෙවීවරු අත්තල් ඇතුවද සිටගත්තෝය.

මක්නිසාද පූජකයෝද ලෙවීවරුද එක්කෙනෙකු මෙන් පිරිසිදුවී සිටියෝය; ඔවුන් සියල්ලෝ පිරිසිදුව සිට, වාල්කමෙන් මිදී ආ සියල්ලන් උදෙසාද පූජකයන්වූ තමුන්ගේ සහෝදරයන් උදෙසාද තමුන්ම උදෙසාද පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්