දාවිත් හදර්එසෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පලිස් රැගෙන ඒවා යෙරුසලමට ගෙනාවේය.
පූජකයා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේය.
දමස්කයේ සිරියෙහි මුර හමුදාවල් තැබුවේය; සිරියවරු දාවිත්ට මෙහෙකරුවෝවී කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැන ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.
තිබ්හත්ද කූන්ද යන හදර්එසෙර්ගේ නුවරවලින් දාවිත් බොහෝ පිත්තල ගත්තේය, එයින් සාලමොන් පිත්තල මුහුදත් කුළුනුත් පිත්තල භාජනත් සෑදීය.