තිබ්හත්ද කූන්ද යන හදර්එසෙර්ගේ නුවරවලින් දාවිත් බොහෝ පිත්තල ගත්තේය, එයින් සාලමොන් පිත්තල මුහුදත් කුළුනුත් පිත්තල භාජනත් සෑදීය.
බෙටාද බෙරොතයිද යන හදද්එසෙර්ගේ නුවරවලින් දාවිත් රජ පිත්තල බොහෝසෙයින්ම ගත්තේය.
දාවිත් හදර්එසෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පලිස් රැගෙන ඒවා යෙරුසලමට ගෙනාවේය.
දාවිත් ශෝබාහි රජවූ හදර්එසෙර්ගේ මුළු සේනාවට පහරදුන් බව හමාත්හි රජවූ තොයු අසා,
මෙන්න, මාගේ විපතේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දශ ලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම්කෙළෙමි; ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම්කෙළෙමි; ඒවාට තව එකතුකරන්ට නුඹට පුළුවන.
ගෘහය ඉදිරිපිට ඔහු රියන් තිස් පහක් උස ඇති කුළුනු දෙකක් සෑදුවේය, එක ඒකේ මුදුන පිට තිබුණ පේකඩය පස් රියනක්ය.
තවද හූරාම් සැළිත් හැඳිත් තාලිත් සෑදුවේය. මෙසේ හූරාම් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සාලමොන් රජුට කළ වැඩ ඉෂ්ටකොට නිමකෙළේය.