දමස්කයේ සිරියෙහි මුර හමුදාවල් තැබුවේය; සිරියවරු දාවිත්ට මෙහෙකරුවෝවී කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැන ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.
නුඹ ගිය හැම තැන්හිම මම නුඹ සමඟ සිට, නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් සිඳ දැමීමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාම මෙන් නුඹට නාමයක් උපදවන්නෙමි.
ඔහු මෝවබ්වරුන්ටත් පහරදුන්නේය; මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ වී කප්පන් ගෙනාවෝය.
දමස්කයේ සිරියවරු ශෝබාහි රජවූ හදර්එසෙර්ට උපකාරකරන්ට ආවෝය. එවිට දාවිත් සිරියවරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදහසකට පහරදී,
දාවිත් හදර්එසෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පලිස් රැගෙන ඒවා යෙරුසලමට ගෙනාවේය.
දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.
අශ්වයා යුද්ධ දවසට සැදී සිටියි; එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.
දාවිත් තමාගේ සියලු මාර්ගවලදී නුවණින් හැසුරුණේය; ස්වාමීන්වහන්සේද ඔහු සමඟ සිටිසේක.