Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 18:5

Sinhala Revised Old Version

දමස්කයේ සිරියවරු ශෝබාහි රජවූ හදර්එසෙර්ට උපකාරකරන්ට ආවෝය. එවිට දාවිත් සිරියවරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදහසකට පහරදී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

තවද ශෝබාහි රජවූ හදර්එසෙර් ප්‍රාත් ගඟ ළඟ තමාගේ බලය පිහිටුවන්ට යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහරදී,

රථ දහසක්ද අසරුවන් සත් දහසක්ද පාබළ සෙනඟ විසි දහසක්ද ඔහුගෙන් අල්ලාගෙන, රථ-අශ්වයන් සියයක් ඉතුරුකරගෙන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කැපුවේය.

දමස්කයේ සිරියෙහි මුර හමුදාවල් තැබුවේය; සිරියවරු දාවිත්ට මෙහෙකරුවෝවී කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැන ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.

තවද අම්මොන් පුත්‍රයෝ තමුන් දාවිත් ඉදිරියෙහි පිළිකුල්ව සිටින බව දැක, හානූන් සහ අම්මොන් පුත්‍රයෝද මෙසොපොතාමියේ සිරියවරුන්ගෙනුත් මයකාහි සිරියවරුන්ගෙනුත් ශෝබායෙනුත් රථ සහ අසරුවන් කුලියට ගන්ට රිදී තලෙන්ත දහසක් යැවූහ.

ඔබ දේශය කම්පාකරවූසේක; එය ඉරා දැමූසේක. ඒකේ බිඳුම් පිළියම්කළ මැනව; මක්නිසාද එය සෙලවෙයි.

මෙසේ සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම ලැබුවායින් පසු වටකර සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත් අම්මොන් පුත්‍රයන්ටත් ඒදොම්වරුන්ටත් ශෝබාහි රජුන්ටත් පිලිස්තිවරුන්ටත් විරුද්ධව යුද්ධ කෙළේය. ඔහු ගිය ගිය තැන ජයගත්තේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්