Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 12:1

Sinhala Revised Old Version

දාවිත් කීෂ්ගේ පුත්‍රවූ සාවුල් නිසා සැඟවී ශික්ලග්හි සිටියදී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොව්හුය. මොව්හු යුද්ධයේදී ඔහුට උපකාරවූ බලවන්තයන්ගේ ගණනට අයිතිවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

තවද සාවුල් මැරුණු පසු, දාවිත් අමලෙක්වරුන් නසා හැරී ඇවිත් ශික්ලග්හි දෙදවසක් සිටියායින් පසු,

දාවිත් තමා සමඟ සිටි තමාගේ මිනිසුන් ඔවුන් එකිනෙකාගේ ගෙයි වැසියන් සමඟ කැඳවාගෙන ආයේය. ඔව්හු හෙබ්‍රොන් නුවරවල වාසය කළෝය.

යහපත් ආරංචියක් ගෙනෙමියි සිතාගන එක් කෙනෙක් සාවුල් මැරුණේය කියා මට දැන්වූ විට මම ඔහු අල්වා ශික්ලග්හිදී මරාදැමුවෙමි, ඔහු ගෙනා ආරංචිය ගැන මා විසින් දුන් විපාකය ඒකය.

ඉශ්‍රායෙල් ගැන ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට දාවිත් රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ඔහුගේ රජකම ගැන ඔහුට උපකාරකළ ප්‍රධාන බලවන්තයෝ මොව්හුය.

මේ දේ කිරීමෙන් මාගේ දෙවියන්වහන්සේ මා වලක්වනසේක්වා. තමුන්ගේ ජීවිතයට වියහැකි අන්තරාය නොසලකා ගියාවූ මේ මනුෂ්‍යයන්ගේ ලේ මා විසින් බොන්ටද? මක්නිසාද ඔව්හු තමුන්ගේ ජීවිත අන්තරායෙහි තබා මේවා ගෙනාවෝයයි කීය. එහෙයින් ඔහු ඒවා බොන්ට නොකැමැතිවිය. ඒ බලවන්තයන් තුන්දෙනා මේ දේ කළෝය.

එලීයෙල්ය, ඕබෙද්ය, මෙසොබායවූ යයසීයෙල්ය.

නේර්ට දාව කීෂ්ද කීෂ්ට දාව සාවුල්ද සාවුල්ට දාව යොනාතාන්ද මල්කී-ෂුවාද අබිනාදාබ්ද එෂ්බාල්ද උපන්නෝය.

නේර්ට දාව කීෂ්ද කීෂ්ට දාව සාවුල්ද සාවුල්ට දාව යොනාතාන්ද මල්කී-ෂුවාද අබිනාදාබ්ද එෂ්බාල්ද උපන්නෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්