ඔව්හු දකුණතින්ද වමතින්ද ගල් විසිකරන්ටත් දුන්නෙන් ඊගස් විදින්ටත් පුරුදු දුනුවායෝව, බෙන්යමින්හි සාවුල්ගේ සහෝදරයෝව සිටියෝය.
සාවුල්ගේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ගෙන් තුන්දහසක්ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂව සිටියෝය.
එනම් ප්‍රධානියාවූ අහියෙසෙර් සහ යෝවාෂ්ය, ඔව්හු ගිබියාතිය ෂෙමායාගේ පුත්‍රයෝය; අස්මාවෙත්ගේ පුත්‍රයෝවූ යෙසීයෙල් සහ පෙලෙත්ය; බෙරාකාය; අනතෝතිය යේහුය;
ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයෝව දුනුකාරයෝව සිටියෝය, ඔවුන්ට පුත්‍රයෝද පුත්‍රයන්ගේ පුත්‍රයෝද බොහෝ දෙනෙක් එනම් එකසිය පනහක් සිටියෝය. මේ සියල්ලෝ බෙන්යමින්ගේ පුත්‍රයෝය.
යුද්ධයට සැරසී දුනු ගත් එප්‍රායිම් පුත්‍රයෝ සටන් දවසේදී පස්සට හැරුණෝය.
මේ මුළු සෙනඟ අතරේ වමත හුරුවූ තෝරාගත් මනුෂ්‍යයෝ සත්සියයක් වූවෝය; ඔවුන් සියල්ලෝම හිසකේ ගහක් පමණවත් නොවරද්දා ගල් පටියකින් ගල් විදින්ට පුළුවන් අයය.
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය.
මල්ලේ අතදමා එයින් ගලක් අරන්, ඒක ගල්පටියෙන් විද්දේය; ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී ඔහුගේ නළලේ ගිලී ඔහු මුහුණින් බිම වැටුණේය.