දෙවියන් වහන්සේගේ අසීමිත කරුණාව, ජීවිතයටත් වඩා වටිනවා කියලා මට දැනෙනවා. උදේ පාන්දර දෙවියන් වහන්සේගේ ප්‍රේමය දකින්නට නොලැබුණොත්, ජීවිතේ හිස් වගේ. අපි කොච්චර වැරදි කළත්, දෙවියන් වහන්සේ අපිව අතාරින්නේ නැහැ. ඒ ආදරය කොච්චරද කියලා හිතාගන්න පුළුවන්ද? දෙවියන් වහන්සේගේ කරුණාව නැති ජීවිතයක සැනසීමක් ලැබෙයිද? මට නම් හිතෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ නැති කෙනා හිස්, පව්වල ගිලිලා, විනාශය කරා යන ගමනක ඉන්නේ.
ඒත් දෙවියන් වහන්සේගේ යහපත්කම අත්විඳිනකොට, අපි අවදි වෙන මොහොතේ ඉඳන් නිදාගන්නා තුරු උන්වහන්සේ අපි වෙනුවෙන් කරන දේවල් තේරෙනවා. අපේ වැරදි, අපේ දුෂ්ටකම් ගැන හිතනකොට, හදවත පිරෙන්නේ කෘතඥතාවෙන්. අපි තවමත් හුස්ම ගන්නවා කියන එකම, දෙවියන් වහන්සේගේ කරුණාවට ලොකු උදාහරණයක්. උන්වහන්සේ අපිව ක්ෂමා කළා, අපේ පව් පිරිසිදු කළා, අපිට ලැබෙන්න ඕන දඬුවම උන්වහන්සේම දරාගත්තා.
ඒ නිසා, දෙවියන් වහන්සේට ස්තුති කරන්න. උන්වහන්සේ අපිට යහපත්, අපි ගැන සිතනවා, ප්‍රේමණීය ඇසින් අපි දිහා බලනවා. කවදාවත් උන්වහන්සේගේ අසීමිත කරුණාව අපෙන් අහක් කරලා නැහැ. ඒ කරුණාව කොච්චර වටිනවද කියලා වචනයෙන් කියන්න බැහැ.
ජේසුස් වහන්සේගේ අසීමිත ප්‍රේමය අදත්, හැමදාමත් අගය කරන්න. උන්වහන්සේ වගුරුවපු වටිනා රුධිරය සිහි කරන්න. ඒ ප්‍රේමය තුළ ජීවත් වෙන්න.
මක්නිසාද: මම දයාවෙන්ට කැමති තැනැත්තාට දයාවන්නෙමි, අනුකම්පාකරන්ට කැමති තැනැත්තාට අනුකම්පාකරන්නෙමියි උන්වහන්සේ මෝසෙස්ට කීසේක. ඒ නිසා එය කැමතිවන තැනැත්තාගෙන්වත් දුවන තැනැත්තාගෙන්වත් නොව, දයාවෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් වේ.
ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය; උදහස්වීමට ප්‍රමාදය, මහත් කරුණාවෙන් යුක්තය. ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.
ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේය. සියලු මනුෂ්‍ය ජාතීහු මා වටකළෝය. ස්වාමීන්ගේ නාමයෙන් මම ඔවුන් සිඳදමන්නෙමි. ඔව්හු මා වටකළෝය; එසේය, මා වටකළෝය. ස්වාමීන්ගේ නාමයෙන් මම ඔවුන් සිඳදමන්නෙමි. ඔව්හු මීමැස්සන් මෙන් මා වටකළෝය; කටු දර ගින්නක් මෙන් නිවීගියෝය. ස්වාමීන්ගේ නාමයෙන් ඔවුන් සිඳදමන්නෙමි. වැටෙන පිණිස නුඹ තදින් මා නෙරපූයෙහිය. නුමුත් ස්වාමීන්වහන්සේ මට පිහිටවූසේක. ස්වාමීන්වහන්සේ මාගේ ශක්තිය හා ගීතිකාවය; උන්වහන්සේ මාගේ ගැළවීම වී සිටිනසේක. ප්‍රීතිවීමේ හා ගැළවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි. ස්වාමීන්ගේ දකුණු හස්තය උසස්ය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි. මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි. ස්වාමීන්වහන්සේ දඬුවම්කොට මා හික්මවූසේක. නුමුත් මා මරණයට පාවා නුදුන්සේක. මට ධර්මිෂ්ඨකමේ දොරටු හරිව්. මම එයින් ඇතුල්ව ස්වාමීන්ට ස්තුතිකරන්නෙමි. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ඉශ්‍රායෙල් දැන් කියත්වා.
ස්වාමිනි, ඔබගේ මෘදුවූ දයාබරකම්ද කරුණාගුණයන්ද සිහිකළ මැනව; මක්නිසාද ඒවා පෙර සිට පවත්නේය. ස්වාමිනි, මාගේ යෞවන වයසේ පව්වත් මාගේ අපරාධවත් සිහි නොකළ මැනව. ස්වාමිනි, ඔබගේ යහපත්කම නිසා ඔබගේ කරුණාව පරිද්දෙන් මා සිහිකළ මැනව.
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.
මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,
සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න. නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගන්න.
එහෙත් ස්වාමිනි, ඔබ අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද පූර්ණවූ, කෝපවීමට ප්‍රමාදවන්නාවූ, දයාවෙන් හා සත්‍යයෙන් මහත්වූ දෙවිකෙනෙක්ය,
දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.
නුමුත්–මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා ගොස් ඉගෙනගන්න. මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි කීසේක.
නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය. එනම් උන්වහන්සේගේ ගිවිසුම රක්ෂාකරන්නන්ටත් උන්වහන්සේගේ ශික්ෂා ඉෂ්ටකිරීම පිණිස ඒවා සිහිකරන්නන්ටත්ය.
නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කථාකොට: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමියි කීවේය.
එම්බා ඉශ්‍රායෙල්, ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද ස්වාමීන් වෙත දයාව ඇත්තේය, උන්වහන්සේ වෙත බොහෝසෙයින් මිදීමද ඇත්තේය. උන්වහන්සේ ඉශ්‍රායෙල් ඔහුගේ අයුතුකම් සියල්ලෙන් මුදා හරිනසේක.
එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාකරන්ට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පාකරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ගැන බලාසිටින සියල්ලෝම වාසනාවන්තයෝය.
මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.
එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,
ස්වාමිනි, මට උත්තරදුන මැනව; මක්නිසාද ඔබගේ කරුණාගුණය යහපත්ය. ඔබගේ දයාබරකම් රාශිය ලෙස මා දෙසට හැරුණ මැනව.
මා විසින් ඔබට කරුණාකළා සේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණාකරන්ට යුතුව තිබුණා නොවේදැයි කීවේය.
දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව. දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව. ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව. එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි; පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නෝය. දෙවියන්වහන්ස, මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මිනීමැරීමේ අපරාධයෙන් මා මුදාහැරිය මැනව; මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්දනගා ගීතිකාකරන්නේය. ස්වාමිනි, කට අරින්ට මට පිහිටවුව මැනව; එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දන්වන්නේය. මක්නිසාද ඔබ පූජාවට නොකැමතිසේක; කැමතිසේක් නම් එය දෙන්නෙමි. ඔබ දවන පූජාවට ප්‍රසන්න නොවනසේක. දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවියන්වහන්ස, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළුකොට නොසිතනසේක. ඔබගේ ප්‍රසන්නයෙන් සියොනට යහපත සිදුකළ මැනව; යෙරුසලමේ පවුරු ගොඩනැගුව මැනව. එකල ධර්මිෂ්ඨකමේ පූජාවලට, එනම් දවන පූජාව හා මුළු දවන පූජාවට, ඔබ ප්‍රියවනසේක. එවිට ඔව්හු ඔබගේ පූජාසනය පිට ගොනුන් පූජාකරන්නාහුය. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.
නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.
නුමුත් අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයද ප්‍රකාශවූ කල, අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.
අපේ පහත් ස්වභාවයෙහිදී අප සිහිකළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.
පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක.
එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණාකරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා තිබේ.
අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය. දුෂ්ටයාට බොහෝ දුක් පැමිණෙන්නේය. නුමුත් ස්වාමීන් කෙරෙහි විශ්වාස කරන තැනැත්තේ කරුණාවෙන් වටකරනු ලබන්නේය. ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි සතුටුව ප්‍රීතිවව්. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති නාද කරව්. ස්වාමීන්වහන්සේ යමෙකුගේ ගණනට අයුතුකම නොතබනසේක්ද, යමෙකුගේ සිතේ වංචාවක් නැත්තේද, ඒ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙක්ය.
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
දාවිත්ද: මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් ස්වාමීන්වහන්සේගේ අතට භාරවන්නෙමු; මක්නිසාද උන්වහන්සේගේ අනුකම්පාව මහත්ය. මනුෂ්‍යයින්ගේ අතට අසුනොවෙම්වායි ගාද්ට කීවේය.
ස්වාමීන්වහන්සේ විදේශීන් ආරක්ෂා කරනසේක; පියානැත්තා හා වැන්දඹුවට උන්වහන්සේ උපකාරකරනසේක; නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය වියවුල් කරනසේක.
නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,
නසින්නාගේ මරණය ගැන මට කිසි ප්‍රසන්නයක් නැත; එබැවින් හැරී ජීවත්වෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක, ඔවුන් විනාශ නොකළ සේක. එසේය, උන්වහන්සේ නොයෙක්විට තමන්ගේ කෝපය ඉවත හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට නුදුන්සේක.
ස්වාමිනි, මම මැලවී සිටිමි; එබැවින් මට කරුණාකළ මැනව. ස්වාමිනි, මාගේ ඇට චලිතව තිබේ; එබැවින් මා සුවකළ මැනව.
දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.
දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව.
ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.
ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියමකළසේක. කුමටද? දෙවියන්වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙනහැරීම කරණකොටගෙන, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය.
ස්වාමිනි, ඔබ අයුතුකම් ගණනට ගන්නාසේක් නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද? නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.
නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.
වරක් නුඹලා සෙනඟක්ව සිටියේ නැත, නුමුත් දැන් දෙවියන්වහන්සේගේ සෙනඟව සිටින්නහුය; දයාව නොලැබ සිටිය නුමුත් දැන් දයාව ලැබ සිටින්නහුය.
දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි. නුමුත් ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානයකරයි.
ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. කුලුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ඔවුන් අතරෙන් ඉශ්‍රායෙල් පිටත ගෙනා උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. බලවත් හස්තයකින් හා දිගුකළ බාහුවකින් එසේ කළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. රතු මුහුද දෙකට බෙදූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ඉශ්‍රායෙල්වරුන්ද ඒ මැදින් යැවූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ඵාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ හෙළාදැමූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ස්වකීය සෙනඟ කාන්තාරය මැදින් ගෙනගිය තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. මහත් රජුන්ට පහරදුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. කීර්තිමත් රජුන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. අමෝරිවරුන්ගේ රජවූ සීහොන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. බාෂාන්හි රජවූ ඕග්ද නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ස්වකීය මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට එය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. අපේ පහත් ස්වභාවයෙහිදී අප සිහිකළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. අපේ එදිරිකාරයන්ගෙන් අප මිදූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. උන්වහන්සේ මාංසමයවූ සියල්ලන්ට ආහාර දෙනසේක. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ස්වර්ගයේ දෙවියන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ස්වාමිවරුන්ගේ ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
එකල පේතෘස් උන්වහන්සේ ළඟට ඇවිත්: ස්වාමිනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි.
දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.
ඔබ නැගිට සියොන්ට කරුණාකරනසේක. ඊට අනුකම්පාකළ යුතු කාලය දැන්ය, එසේය, නියම කාලය පැමිණ තිබේ.
එසේවී නුමුත් මට කරුණාව ලැබුණේ මේ නිසාය. එනම්, සදාකාල ජීවනය ලැබීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට සිටින අයට ආදර්ශයක් කොට උන්වහන්සේ විසින් ප්‍රධාන පව්කාරයාවූ මා කෙරෙහි තමන්වහන්සේගේ මුළු ඉවසිලිවන්තකම දැක්වීම පිණිසය.
උන්වහන්සේ පීඩා විඳින්නන්ට යුක්තිය ඉෂ්ටකරනසේක; උන්වහන්සේ බඩගිනිවූවන්ට කෑම දෙනසේක. ස්වාමීන්වහන්සේ හිරකාරයන් මුදනසේක.
ස්වාමීන්වහන්සේ මා සම්බන්ධ කාරණය සම්පූර්ණකරනසේක. ස්වාමිනි, ඔබගේ කරුණාව සදාකල් පවත්නේය; ඔබගේම හස්තකර්ම අත් නොහළ මැනව.
අන්‍යජාතීන් විසින් දෙවියන්වහන්සේගේ දයාව ගැන උන්වහන්සේට ගෞරවකරන පිණිසත්ය. ඒ හැටියට: එබැවින් අන්‍යජාතීන් අතරේ ඔබ වර්ණනාකරන්නෙමි, ඔබගේ නාමයට ගීතිකා කියන්නෙමියි ලියා තිබේ.
අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ ගෞරවය සඳහා අපට පිහිටවුව මැනව. ඔබගේ නාමය උදෙසා අප නිදහස් කොට අපේ පව් පහකරදැමුව මැනව.
ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.
නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.
නුමුත් සුංගම් අයකරන්නා දුරින් සිට, ස්වර්ගය දෙසට ඇස් ඔසවා බලන්ටවත් නොසිතා, තමාගේ ළැපැත්තට ගසාගනිමින්: දෙවියන්වහන්ස, පව්කාරයෙක්වූ මට කරුණාකළ මැනවයි කීවේය.
ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.
උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව; මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව; මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි.
ඒ නිසා එය කැමතිවන තැනැත්තාගෙන්වත් දුවන තැනැත්තාගෙන්වත් නොව, දයාවෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් වේ.
දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.
අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපටදී වදාළසේක්දැයි බලන්න. අපි එබඳුවෝමය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑඳින්න බැවින්, අපද අඳුනන්නේ නැත.
මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය. නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක.
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.
ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද
ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.
එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.
එබැවින් සෙනඟගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පුකිරීමට දෙවියන්වහන්සේ පිළිබඳ කාරණා ගැන දයාවන්තවූ විශ්වාසවූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමානවෙන්ට උන්වහන්සේට යුතුවූයේය.
උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.
නුමුත් දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක්, අපට ප්‍රේම කළාවූ තමන්වහන්සේගේ මහත් ප්‍රේමයෙන්, අපගේ වරද කරණකොටගෙන අප මැරී සිටි කල්හි පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවත්කර-නුඹලා ගැළවී සිටින්නේ අනුග්‍රහයෙන්ය-උන්වහන්සේ සමඟ අප නැගුටුවා,
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවන්ත දෙවිකෙනෙක් බැවින් උන්වහන්සේ නුඹ අත්නොහරිනසේක, නුඹ විනාශනොකරනසේක, උන්වහන්සේ නුඹේ පියවරුන් සමඟ දිවුළාවූ ගිවිසුම මතකනැති නොකරනසේක.
එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.
එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගන, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්ය; උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක.
එහෙත් ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ සිට ඔහුට දයාව පෙන්වා හිරගෙයි නායකයාගේ ඇස් හමුවෙහි ඔහුට කරුණාව ගෙනදුන්සේක.
අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.
අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.
ස්වාමිනි, ඔබගේ දයාව මාගෙන් නොවැලැක්වුව මැනව. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් නිතර මා ආරක්ෂාකෙරේවා.
එබැවින් නුඹ නුඹේ දෙවියන්වහන්සේ වෙතට හැරී, කරුණාවද විනිශ්චයද පවත්වා, නුඹේ දෙවියන්වහන්සේ ගැන නිතරම බලාසිටින්න.
සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.
ස්වාමිනි, ඔබගේ මෘදුවූ දයාබරකම්ද කරුණාගුණයන්ද සිහිකළ මැනව; මක්නිසාද ඒවා පෙර සිට පවත්නේය.
කරුණාවන්තයා සමඟ ඔබද කරුණාවන්ත බව දක්වනසේක, නිර්දෝෂ තැනැත්තා සමඟ නිර්දෝෂ බව දක්වනසේක;