අනාගතයේ සිදුවන දේවල් ගැන, ලෝක විනාශයට පෙර සිදුවන දේවල් ගැන, එළිදරව් පොතේ අනාවැකි පළ වෙනවා කියලා අපි දන්නවා. නමුත් අපේ දෙවියන් වහන්සේ සහ ගැලවුම්කාරයාණන් වන ජේසුස් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරන නිසා, එන දේට බිය විය යුතු නැහැ. අපේ ස්වර්ගික පියාණන් සමඟ සදාකාලිකවම ඔහුගේ ප්‍රේමයේ පූර්ණත්වය භුක්ති විඳිමින්, ඔහුට නමස්කාර කරමින් සිටීමට අපිට සහතිකයක් තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනයේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම ගැන සඳහන් වෙනවා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ තමන්ගේ සභාව සොයා නැවත පැමිණෙන කාලය. එතකොට උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබූ අපි සියලු දෙනාටම සදාකාලයටම උන්වහන්සේ සමඟ ජීවත් වෙන්න පුළුවන්.
ඒ නිසා, මම ඔබට කියන්නේ, ඔබේ හදවත ආරක්ෂා කරගන්න. සෑම විටම අවදියෙන් සිටින්න. දෙවියන් වහන්සේගේ ආත්මය සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගන්න. එතකොට ඔබට සෑම විටම ස්ථිරව සිටින්න, කිසිම දෙයකින් නොමුලා වෙන්න, ඉදිරියේදී එන දවස් ගැන නිවැරදිව වටහා ගන්න පුළුවන් වේවි.
ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය.මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය.
නුමුත් මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස්වන්නේය; ජනයෝ එය කරා ගලාගන එන්නෝය.
අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ:පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගන්න.
යුද්ධ සහ යුද්ධ ප්රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය.
එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.
ඒ දවස් ලුහුඬු නොකරනලද්දේ වීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය.
රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.
මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳහැටි දනිහුය.අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතන්න;සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න;සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා.නුඹලා කැඳවන තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ ඒක ඉෂ්ටද කරනසේක.සහෝදරයෙනි, අප උදෙසා යාච්ඤාකරන්න.සියලු සහෝදරයන්ට ශුද්ධවූ සිඹීමකින් ආචාරකරන්න.මේ ලියුම සියලු සහෝදරයන්ට කියවාදෙන ලෙස ස්වාමීන්වහන්සේගේ නමින් නුඹලාට අණකරමි.අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලා සමඟ වේවා.සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.
මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.
නුමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න.නුමුත් නුඹ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප්‍රායද ඇදහිල්ලද ඉවසිලිවන්තකමද ප්‍රේමයද ක්ෂාන්තියද,අන්තියෝකියේදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි, ඒ සියල්ලෙන්ද ස්වාමීන්වහන්සේ මා මිදූසේක.එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.නුමුත් නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.එහෙත් නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියාත්,ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව,ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව,ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව,දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න.
අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත.එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය.
පසුව ඉශ්රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.
ලෝකය මැවීමට පළමුවෙන් නියමකරනු ලැබූ උන්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා, උන්වහන්සේට මහිමය දුන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි උන්වහන්සේ කරණකොටගෙන අදහන්නාවූ නුඹලා උදෙසා,
නුමුත් ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය.මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වු දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය.ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය.
නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.
නුමුත් සහෝදරයෙනි, කාලවල්ද ප්‍රස්තාවයන්ද ගැන නුඹලාට යමක් ලියන්ට වුවමනා නැත.අප අවදිව සිටිතත් නිදාගනිතත් තමන්වහන්සේ සමඟ එක්ව ජීවත්වන පිණිස ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මළසේක.එබැවින් නුඹලා කරන්නාක්මෙන් එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න.තවද, සහෝදරයෙනි, නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ නුඹලා කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ, නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන,ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටින්න.ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.නිතරම ප්‍රීතිවෙන්න;නොකඩව යාච්ඤාකරන්න;සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.ආත්මයාණන්වහන්සේ නොනිවන්න;මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳහැටි දනිහුය.අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතන්න;සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න;සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා.නුඹලා කැඳවන තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ ඒක ඉෂ්ටද කරනසේක.සහෝදරයෙනි, අප උදෙසා යාච්ඤාකරන්න.සියලු සහෝදරයන්ට ශුද්ධවූ සිඹීමකින් ආචාරකරන්න.මේ ලියුම සියලු සහෝදරයන්ට කියවාදෙන ලෙස ස්වාමීන්වහන්සේගේ නමින් නුඹලාට අණකරමි.අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලා සමඟ වේවා.සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.
ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය.මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය.එකල මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව වලාකුළකින් එනවා ඔව්හු දකින්නෝය.මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවන්නැයි කීසේක.
යුද්ධ සහ යුද්ධ කථා ගැන නුඹලා අසන කල නොකැලඹෙන්න. මේ දේවල් සිදුවෙන්ට ඕනෑය;නුමුත් අන්තිමය එවකට නොවෙයි. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළෝකම්පා වන්නේය; සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන්ගැනීමය.
එහෙත් සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය.මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, නුඹලා දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියාකරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද?ඒ නිසා අහස ගිනි ඇවිලී නාස්තිවෙනවා ඇත, මහාභූතයෝද දාලා උණුවීයන්නෝය.
මේ අනාගතවාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියනලද කාරණා පවත්වන්නෝද ආශීර්වාදලද්දෝය. මක්නිසාද කාලය ළඟය.
තවද කාලය දැන, එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ.රාත්‍රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු.
මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය.ඒ දවස් ලුහුඬු නොකරනලද්දේ වීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය.
මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.
නුමුත්, දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩිවන්නේයයි කීවේය.
තවද නෝවාගේ දවස්වලදී වූවාක්මෙන්ම මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලදීත් වන්නේය.නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා මනුෂ්‍යයෝ කමින්, බොමින්, සරණපාවාගනිමින්, සරණ පාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ ඔවුන් සියල්ලන්ම විනාශකළේය.ලොත්ගේ දවස්වලදීත් එසේම වූයේය; ඔව්හු කමින්, බොමින් මිලේට ගනිමින්, විකුණමින්, වවමින්, ගොඩනගමින් සිටියෝය;නුමුත් ලොත් සොදොම්හි සිට පිටත්ව ගිය දවසේ අහසෙන් ගිනි සහ ගෙන්දගම් වැස, සියල්ලන් විනාශකළේය.නුඹලා ප්‍රවේසම්වෙන්න. නුඹේ සහෝදරයා පව්කළොත් ඔහුට තරවටුකරන්න; ඔහු පසුතැවිලිවේ නම් ඔහුට කමාවෙන්න.මනුෂ්‍ය පුත්‍රයා ප්රකාශවන දවසේදීත් ඒ ආකාරම වන්නේය.
ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ-ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය,
මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන්, පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස,මනුෂ්‍යයෝ නමස්කාරකිරීමට සාදවාගත් තමුන්ගේ රිදී පිළිමද රන් පිළිමද මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය.තමාගේ නාසාපුටවල හුස්ම ඇති මනුෂ්‍යයා තවත් විශ්වාස නොකරන්න. මක්නිසාද ඔහුගේ වටිනාකම කුමක්ද?බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චයකොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරනසේක. ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.
තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය.මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවනපොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය.සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවාදුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චයකරනු ලැබුවෝය.මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළනලද්දේය. මෙය දෙවෙනි මරණයය, එනම් ගිනිවිලය.යමෙකුගේ නම ජීවන-පොතෙහි ලියා නැති බව සම්බවීද, ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය.
බලව, ස්වාමීන්වහන්සේගේ දවසක් පැමිණෙන්නේය, එකල නුඹේ කොල්ලය නුඹ තුළ බෙදනුලැබේ.මුළු දේශයද ගෙබා පටන් යෙරුසලමට දකුණෙන් රිම්මොන් දක්වා තිබෙන අරබා සමභූමියට සමානවන්නේය; නුවරද උස්සනු ලැබ, ඒකේ ස්ථානයෙහිම බෙන්යමින් දොරටුවේ පටන් පළමු දොරටුවේ ඉඩම දක්වාත් කොන්වල දොරටුව දක්වාත් හනනේල්ගේ කොතේ පටන් රජුගේ මුද්‍රික තටාකය දක්වාත් පිහිටා තිබෙයි.මනුෂ්‍යයෝ එහි වසන්නෝය; සිඳදැමීමේ ශාපයක්ද නොපැමිණ යෙරුසලම සුවසේ පවතින්නේය.යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවාවූ සියලුම ජනයන්ට ස්වාමීන්වහන්සේ පමුණුවන්නාවූ පීඩාව මේය: ඔවුන් හිටගන සිටිද්දීම ඔවුන්ගේ මාංසය ක්ෂයවන්නේය, ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම ක්ෂයවන්නේය; ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කටේම ක්ෂයවන්නේය.ඒ කාලයෙහි මහත් වියවුල්කමක් ස්වාමීන්වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ, ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත, එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත.යූදා යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්නේය; අවට සියලු ජාතීන්ගේ සම්පත් වන රන් රිදීද වස්ත්‍රද මහත් රාශියක් එකතුකරනු ලබන්නේය.මේ පීඩාව මෙන් අශ්වයන්ටත් අශ්වතරයන්ටත් ඔටුවන්ටත් කොටළුවන්ටත් ඒ අන්දායම්වල සිටින සියලුම මෘගයන්ටත් පීඩාවක් වන්නේය.තවද යෙරුසලමට විරුද්ධව ආවාවූ සියලු ජාතීන්ගෙන් ඉතිරි වෙන සියල්ලෝම රජවූ සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් කූඩාරම් මංගල්‍යය පවත්වන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද නැගීඑන්නෝය.රජවූ සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන පිණිස පොළොවේ වර්ගයන්ගෙන් යෙරුසලමට නේන අයට වැසිවසින්නේ නැත.මිසර වර්ගය නැගීඑන්නේ නැත්නම් ඔවුන්ටත් වැසි වසින්නේ නැත; කූඩාරම් මංගල්‍යය පවත්වන්ට නේන ජාතීන්ට ස්වාමීන්වහන්සේ පමුණුවන පීඩාව ඔවුන්ටත් වන්නේය.මිසරයේ දඬුවමත් කූඩාරම් මංගල්‍යය පවත්වන්ට නේන සියලු ජාතීන්ගේ දඬුවමත් ඒකය.එසේය, මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස්කරන්නෙමි; නුවරද අසුවී, ගෙවල් කොල්ලකනු ලබන්නේය, ස්ත්‍රීහු බලාත්කාරකරනු ලබන්නෝය. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත, සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳදමනු නොලැබේ.
තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය.උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත්: ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය.එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය.
සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.
මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය.නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.
උන්වහන්සේ සවෙනි මුද්‍රාව කැඩූ කල, මම දුටිමි, මහත්වූ භූමිකම්පාවක් විය; සූර්යයා කේශකම්බලයක් මෙන් කළුවිය,මුළු හඳද ලේ මෙන් විය; අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවී එහි අකාල ඵල වැටෙන්නාක්මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුණේය.අකුලනලද පොතක් මෙන් අහස පහකරනලද්දේය; සියලු කඳුද දිවයින්ද ස්වකීය ස්ථානවලින් පහකරන ලද්දේය.පොළොවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුණෝය;ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කථාකොට: අප පිට වැටී, සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පැටවාණන්ගේ උදහසිනුත් අප සඟවාගන්න.මක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුණ බැවින් සිටින්ට පුළුවන් කාටදැයි කීවෝය.
මොරගසා වැලපෙන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ; එය සර්වපරාක්‍රමයාණන් විසින් එවන විනාශයක් මෙන් පැමිණෙයි.එබැවින් සෑම අත් බෙලහීන වන්නේය, සියලු මනුෂ්‍යයන්ගේ සිත්ද දියවන්නේය.ඔව්හු කැලඹෙන්නෝය; වේදනාද රුජාද අල්ලා ඔව්හු බිහිකරන ස්ත්‍රියෙකුමෙන් වේදනා විඳින්නෝය. ඔව්හු එකිනෙකා දෙස විස්මයෙන් බලන්නෝය; ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නෝය.බලව, දේශය පාළුකර එහි සිටින පව්කාරයන් එයින් නැතිකර දමන පිණිස ස්වාමීන්වහන්සේගේ දවස රෞද්‍රව, කෝපය හා බලවත් උදහස ඇතුව එන්නේය.
මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක.එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට,බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක.
දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.එබැවින් පොළොව වෙනස්වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්,එහි ජල ගුගුරා කැලඹෙතත්, එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පාවෙතත් භය නොවන්නෙමුව.
මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන,සත්‍යයට කන් නොදී, ප්රබන්ධවලට හැරීයන කාලය පැමිණෙන්නේය.
තවද දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්,තවද ඔහු මට කථාකොට: මේ පොතේ අනාගතවාක්‍යයේ වචන මුද්‍රා නොකරන්න; මක්නිසාද කාලය ආසන්නය.අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍රකරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධකරනු ලබාවා.මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ.මම අල්ඵා සහ ඕමෙගාය, පළමුවෙනියා සහ අන්තිමයාය, පටන්ගැන්ම සහ කෙළවරය.ජීවන-වෘක්ෂයට පැමිණෙන්ට අයිතිවාසිකම ලැබෙන පිණිසත් දොරටුවලින් නුවරට ඇතුල්වන්ට පුළුවන්වන පිණිසත් තමුන්ගේ සළු සෝදාගන්නාවූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය.පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂිදෙන්ට මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ මුල සහ වංශයය, දීප්තිමත් පහන් තාරකාවය.ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.මේ පොතේ අනාගතවාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතිකලෙස කියමි, එනම්: යමෙක් ඒ වචනවලට යමක් එකතුකරන්නේ නම්, දෙවියන්වහන්සේ මේ පොතෙහි ලියනලද පීඩා ඔහුට එකතුකරනසේක.යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචනවලින් යමක් අහක්කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජීවන-වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන්වහන්සේ ඔහුගේ කොටස අහක්කරනසේක යනුයි.එහි වීථිය මැද ඔහු මට පෙන්විය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය.
තවද උන්වහන්සේ සමූහයන්ට කථාකර: බස්නාහිරින් වලාකුළක් නගිනවා නුඹලා දකින විට–වර්ෂාවක් එන්නේයයි නුඹලා එවලේම කියන්නහුය; එසේම වන්නේය.දකුණෙන් හුළඟ ගසන කල–ග්‍රීෂ්මය වන්නේයයි නුඹලා කියන්නහුය; එසේම වන්නේය.වංචාකාරයෙනි, පොළෝතලයත් අහස්තලයත් විසඳන්ට නුඹලා දනිහුය; නුමුත් මේ කාලය විසඳන්ට නොදැන සිටින්නේ කොහොමද?
අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත.එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය.තවද උඩ අහසෙහි පුදුමද පාත පොළොවෙහි ලකුණුද වන ලේ සහ ගිනිත් දුම් වලාපටලත් දක්වන්නෙමි.තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.ස්වාමීන්වහන්සේගේ මහත්වූ තේජවත්වූ ඒ දවස එන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.ස්වාමීන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන කවරේත් ගළවනු ලබන්නේයයි දෙවියන්වහන්සේ කියනසේක යනුයි.
මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි.
නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය.
එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය.එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්නැයි කීසේක.
නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.
නග්නව ඇවිද තමාගේ ලජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂාකරගන්නා ආශීර්වාදලද්දෙක්ය.)
ඔහු සතියකට බොහෝ දෙනෙකු සමඟ ගිවිසුමක් ස්ථිරකොට, සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය; පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන පිට එන්නේය; පාළුකරන දේ පිටට නියමවූ තීන්දුව දක්වාම උදහස වගුරුවනු ලබන්නේයයි කීවේය.
නුඹ දේශය වසාගැනීමට වලාකුළක් මෙන් මාගේ සෙනඟවූ ඉශ්රායෙල්ට විරුද්ධව නැගී එනවා ඇත; එය මතු දවස්වලදී සිදුවන්නේය. එම්බා ගොග්, මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන ජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල, ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ මාගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි.
මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය.එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමඟ සිටින්නෙමුව.
නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය.මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වු දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය.ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය.
ඇසිපිය හෙළන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස්කරනු ලබන්නෙමුව. මක්නිසාද හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය, අපිද වෙනස්කරනු ලබන්නෙමුව,
ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන්ට විපාක දෙන්නාවූ, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ කාලයද පැමුණුණේයයි කීවෝය.
කිසිවෙකුට කිසිසේත් නුඹලා රවටන්ට ඉඩ නාරින්න. මක්නිසාද ඇදහිල්ලෙන් වැටීයාමත් විනාශයේ පුත්‍රයා වන පාපයේ මනුෂ්‍යයා එළිදරව්වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක නොපැමිණෙන්නේය.ඔහු, දෙවියන්වහන්සේයයි කියනු ලබන්නාවූ නොහොත් නමස්කාරකරනු ලබන්නාවූ සියල්ලන්ට විරුද්ධව සිට, ඒ සියල්ලන්ට වඩා තමාම උසස්කරගෙන, දේවමාළිගාවෙහි වාඩිවී හිඳ, තමා දෙවිව සිටින්නේයයි පෙන්වන්නේය.
බලව, ස්වාමීන්වහන්සේ පොළොව හිස්කොට පාළුකරනසේක, ඒක පෙරළා එහි වැසියන් විසුරුවාදමනසේක.පාළුවූ නුවර කඩාදමා තිබේ. කිසිවෙක් ඇතුල් නොවන ලෙස සියලු ගෙවල් වසාතිබේ.මුද්‍රිකපානය නිසා වීථිවල කෑගැසීමක් තිබේ; මුළු ප්‍රීතිය අඳුරුවී, දේශයේ සන්තෝෂය පහව ගියේය.නුවර ඉතුරුව තිබෙන්නේ පාළුකමය, දොරටුව නාස්තිවන සේ පහර ලැබීය.මක්නිසාද ඔලීව ගසක් සොලවන්නාක් මෙන්ද මිදිපල කඩා නිමවූ කල ඉතිරි මිදිපල නෙළාගන්නාක්මෙන්ද පොළොව මැද ජනයන් අතරේ සිදුවන්නේය.මොව්හු හඬනගා ප්‍රීතියෙන් මොරගසා ස්වාමීන්වහන්සේගේ මහන්තත්වය නිසා මුහුදේ සිට ශබ්ද පවත්වන්නෝය.එබැවින් නැගෙනහිර දිසාවලදී ස්වාමීන්වහන්සේටත් මුහුදේ දිවයින්වලදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයටත් ගෞරවකරන්න.ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයයි කියන ගීතිකා පොළොවේ කෙළවරේ සිට ඇසීමුව. එහෙත් මම කථාකොට: මම ක්ෂයවෙමි, මම ක්ෂයවෙමි, මට දුක්වේ! වංචාකාරයෝ වංචාකළෝය; එසේය, වංචාකාරයෝ බොහෝසෙයින් වංචාකළෝයයි කීමි.එම්බා පොළෝ වැසිය, භයානකකමක්ද වළක්ද මළපතක්ද නුඹ පිට තිබේ.තවද භය ඝෝෂාව නිසා පලායන්නා වළේ වැටෙන්නේය; වළෙන් ගොඩවෙන්නා මලපතට අසුවන්නේය. මක්නිසාද ඉහළ කවුළු ඇරී තිබේ, පොළොවේ අත්තිවාරම්ද සෙලවෙන්නේය.පොළොව සහමුලින්ම කැඩී තිබේ, පොළොව එහෙම පිටින්ම දියවී තිබේ, පොළොව අතිශයින් කම්පාවේ.සෙනඟට මෙන් පූජකයාටත් වැඩකරුවාට මෙන් ඔහුගේ ස්වාමියාටත් වැඩකාරීට මෙන් ඇගේ ස්වාමිදුවටත් මිලේට ගන්නාට මෙන් විකුණන්නාටත් ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත් පොළීගන්නාට මෙන් පොළීදෙන්නාටත් සිදුවන්නේය.පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින් තොටිල්ලක් මෙන් ඔබ මොබ සෙලවෙනවා ඇත; එහි අපරාධය එය කෙරෙහි බරව තිබෙන බැවින් ඒක වැටී තවත් නොනැගිටින්නේය.ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ උසස්ථානයෙහි සිටින උත්තමයන්ගේ සේනාවටත් පොළොවේ සිටින පොළොවේ රජවරුන්ටත් දඬුවම්කරනසේක.හිරකාරයන් වළක රැස්කර තබන්නාක්මෙන් ඔව්හු එකට හිරගෙයි වසාතබනු ලබන්නෝය, බොහෝ දවසකට පසු දඬුවම් ලබන්නෝය.එකල චන්ද්‍රයා වියවුල්වන්නේය, සූර්යයා ලජ්ජාවන්නේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද උන්වහන්සේගේ පුරාතනයන් ඉදිරියෙහිද මහිමයෙන් රජකම්කරනසේක.පොළොව සහමුලින්ම හිස්කරනු ලැබ සහමුලින්ම කොල්ලයක් වන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ වචන වදාළසේක.පොළොව වැලපී මලානිකවේ, ලෝකය ක්ලාන්තව මලානිකවේ, පොළොවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්තවෙති.පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය.එබැවින් ශාපයෙන් පොළොව නාස්තිවී, එහි වැසියෝ වරදකාරයෝව සිටිති. ඒ නිසා මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඉතුරුවෙන හැටියට පොළෝ වැසියෝ දවනු ලැබ සිටිති.
එහෙත් යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න.එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා.මක්නිසාද ලියනලද සියල්ල සම්පූර්ණවන පිණිස ඒ දවස් පළිගැනීමේ දවස් වන්නේය.ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේදනාද මේ සෙනඟ කෙරෙහි උදහසද වන්නේය.ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.
මක්නිසාද සත්‍යය අධර්මිෂ්ඨකමින් වලක්වන්නාවූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව්වී තිබේ;
කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට අරින්න. කපන කාලයේදී–පළමුකොට කිරිඳි එකතුකර දවන පිණිස මිටි බඳින්න. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරන්නැයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක.
ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය.
ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නේය, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට පීඩාකරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට සිතන්නේය; කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔව්හු ඔහු අතට භාරදෙනු ලබන්නෝය.
තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙනලද්දේය. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙනලද්දේය.
මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, නුඹලා දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියාකරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද?
පොළොව සහමුලින්ම කැඩී තිබේ, පොළොව එහෙම පිටින්ම දියවී තිබේ, පොළොව අතිශයින් කම්පාවේ.සෙනඟට මෙන් පූජකයාටත් වැඩකරුවාට මෙන් ඔහුගේ ස්වාමියාටත් වැඩකාරීට මෙන් ඇගේ ස්වාමිදුවටත් මිලේට ගන්නාට මෙන් විකුණන්නාටත් ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත් පොළීගන්නාට මෙන් පොළීදෙන්නාටත් සිදුවන්නේය.පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින් තොටිල්ලක් මෙන් ඔබ මොබ සෙලවෙනවා ඇත; එහි අපරාධය එය කෙරෙහි බරව තිබෙන බැවින් ඒක වැටී තවත් නොනැගිටින්නේය.
එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයාගේ පෙරමගට ගිය කන්‍යාවන් දස දෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමානකරනු ලැබේ.මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේය; සෑදී සිටියෝ ඔහු සමඟ සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසනලද්දේය.පසුව අනික් කන්‍යාවොත් ඇවිත්: ස්වාමිනි, ස්වාමිනි, අපට දොර හැරිය මැනවයි කීවෝය.නුමුත් ඔහු උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි, මම නුඹලා නාඳුනමියි කීවේය.එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න.
උන්වහන්සේ යන කල, ඔවුන් ස්වර්ගය දෙස ඕනෑකමින් බලා සිටියදී, සුදු වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට,ගලීලයේ මනුෂ්‍යයෙනි, නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.
එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටුමි; බලව, සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනන්වහන්සේ ඌ පිට වැඩහුන්සේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක.උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ; උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නාවූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ.තවද උන්වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිසේක. උන්වන්සේගේ නාමය දෙවියන්වහන්සේගේ වාක්‍යයාණෝයයි කියනු ලැබේ.ස්වර්ගයෙහි සිටින සේනාවෝ සුදුවූ පවිත්‍ර සිහින් වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිටින් උන්වහන්සේ පස්සේ ගියෝය.ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩිනසේක.උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රාජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.
මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනාකෙරෙද්ද?එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්.ස්වාමීන්ට භයින් මෙහෙකරව්, වෙවුලුම් සහිතව ප්‍රීතිවව්.පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.ස්වාමීන්ටද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණයකෙරෙති.අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලණු අප කෙරෙන් ඉවතලමුයයි කියති.
යුද්ධ සහ කෝලාහල ගැන අසන කල, ත්‍රස්ත නොවන්න. මක්නිසාද මේ දේවල් පළමුකොට සිදුවෙන්ට ඕනෑය; නුමුත් කෙළවර එකෙණෙහිම නොපැමිණෙන්නේයයි කීසේක.
සියල්ල ජීවත්කරන්නාවූ දෙවියන්වහන්සේද පොන්තියුස් පිලාත් ඉදිරියෙහි යහපත් ප්රකාශනය කළාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේද ඉදිරියෙහි නුඹට ආඥාකරමි.ශුභාන්විත එකම අධිපතියාණන්වහන්සේ වන රජවරුන්ගේ රජව, ස්වාමිවරුන්ගේ ස්වාමීව සිටින එකම අමරණීයවූ,
නැවතද: ස්වාමිනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක, ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති.ඒවා විනාශවන්නේය; නුමුත් ඔබ පවතිනසේක. ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය;ඔබ ඒවා සළුවක් මෙන් අකුළනසේක, වස්ත්‍රයක් මෙන් ඒවා මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු තීන්දු නොවන්නේයයි කියනසේක.
පොළොවේ ධූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත්, පිබිද එන්නෝය.නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
පැමිණෙන උදහසින් අප ගළවන්නාවූ තමන්ගේ පුත්‍රවූ යේසුස්වහන්සේ ස්වර්ගයෙන් එනවා බලාසිටින පිණිසද, නුඹලා දේවතාරූප කෙරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරුණ හැටිත් ඔව්හුම දන්වති.
එබැවින් නුඹ ලැබුවේ කෙසේද, ඇසුවේ කෙසේදැයි සිහිකර, ඒ දේ පවත්වා, පසුතැවිලිවෙන්න. මෙසේ නුඹ අවදිව නොසිටින්නෙහි නම්, සොරෙකු මෙන් එන්නෙමි, මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත.
මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.
මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක.ඔව්හු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට නුඹ උසුලාගන්නෝය.නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය.ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.
එබැවින් අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියනලද පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද (කියවන්නා තේරුම් ගනීවා),එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායෙත්වා.ගේ උඩ සිටින්නා තමාගේ ගෙයි තිබෙන දේ ගන්ට නොබසීවා.කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍රය ගන්ට ආපසු හැරී නොඒවා.නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ.නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? සැබවක් නුඹලාට කියමි–කඩාදමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේයයි කීසේක.නුඹලාගේ පලායාම ශීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාච්ඤාකරන්න.
බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.
අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය;ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව.
මක්නිසාද, බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත.
නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය.මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි.එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
තවද සිංහාසන දුටිමි, ඔව්හු එහි හිඳගත්තෝය, විනිශ්චයද ඔවුන්ට දෙනලද්දේය. තවද යේසුස්වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන්වහන්සේගේ වචනය නිසාද හිස් කපාදමනු ලැබූවන්ගේද, මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළාවූ, උගේ සලකුණ තමුන්ගේ නළල්වලත් අත්වලත් නොලැබුවාවූ තැනත්තන්ගේද ආත්මයන් දුටිමි; ඔව්හු ජීවත්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම්කළෝය.
නුමුත් සහෝදරයෙනි, ඒ දවස සොරෙකු මෙන් නුඹලා කෙරේ පැමිණෙන්ට නුඹලා අන්ධකාරයෙහි සිටින්නෝ නොවෙති.කුමක්හෙයින්ද නුඹලා සියල්ලෝ ආලෝකයේද දවාලේද පුත්‍රයෝය. අපි රාත්රියටවත් අන්ධකාරයටවත් අයිති නොවමුව;එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී සිටිමු.
උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගළවන පිණිස අපගේ පියවූ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවාදුන්සේක.
එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.
ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙවුසේක; උන්වහන්සේගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි.
බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය. එසේය, ආමෙන්.
උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක, ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරන්නෝය.
භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය,
රාත්‍රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු.
මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.
ඒ දවසෙහි ඉශ්‍රායෙල්ගෙන් ඉතිරිවන්නාවූ, යාකොබ්ගේ වංශයෙන් ගැළවෙන්නාවූ අය තමුන්ට පහරදුන් අය කෙරෙහි තවත් පිහිටා නොසිට, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙහි සැබෑකමින් පිහිටා සිටිනවා ඇත.ඉතිරි අය, එනම් යාකොබ්ගේ ඉතිරි අය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේ වෙතට හැරී එනවා ඇත.මක්නිසාද, ඉශ්රායෙල්, නුඹේ සෙනඟ මුහුදේ වැලි මෙන් වුණත්, ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙක් පමණක් හැරී එනවා ඇත. දිව්‍ය සාධාරණකම හොඳ හැටි දක්වන්නාවූ නාස්තියක් නියමකර තිබේ.එසේය, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මුළු පොළොවෙහි නිශ්චිත නිෂ්ඨාවක් සිද්ධකරනවා ඇත.
එසේ කළේ ඔවුන් දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර, මැවුම්කාරයාණන්වහන්සේට නොව මැවිල්ලට නමස්කාරකමින් මෙහෙකළ නිසාය. උන්වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටිනසේක. ආමෙන්.
නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව.
එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්.ස්වාමීන්ට භයින් මෙහෙකරව්, වෙවුලුම් සහිතව ප්‍රීතිවව්.පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.
යේසුස්වහන්සේද: නුඹ කීවෙහිය. තවද නුඹලාට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාත් අහසේ වලාකුල් පිට එනවාත් නුඹලා දකින්නහුයයි ඔහුට කීසේක.
වෘකයා බැටළුපැටවා සමඟ වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමඟ ලගින්නේය; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය; කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය.එළදෙනත් වලසාත් එක්ව තෘණ කන්නෝය; උන්ගේ පැටවුද එක්ව ලගින්නෝය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය.කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය, කිරිවැරූ දරුවා පොළඟාගේ ගුල පිට තමාගේ අත තබන්නේය.මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.
කූඩාරමක්වූ අපේ භූමික ගෙය කඩාවැටුණත් දෙවියන්වහන්සේගෙන්වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවාවූ සදාකාලිකවූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව.
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.
තව වරක්ය කී වචනයෙන් පෙන්වන්නේ නොසෙලවෙන්නාවූ දේවල් පවතින පිණිස සෙලවෙන ඒවා සෑදූ දේවල් මෙන් පහකරන බවය.
අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුදද තවත් නොවීය.ඔහු මහත්වූ උස්වූ කන්දකට ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මා ගෙනගොස්, ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය.ඇගේ ආලෝකය ඉතා අනර්ඝවූ මාණික්‍යයකට සමානය; එනම් පළිඟු මෙන් පැහැදිලිවූ සූර්යකාන්ති ගලක් වාගේය.මහත්වූ උස්වූ පවුරක්ද දොරටු දොළොසක්ද ඊට තිබුණේය, දොරටු ළඟ දේවදූතයෝ දොළොස් දෙනෙක් සිටියෝය; ඒ පිට නාම ලියා තිබුණේය, ඒ නාම වනාහි ඉශ්රායෙල් පුත්‍රයන්ගේ දොළොස් ගෝත්‍රයන්ගේ නාමවල්ය.නැගෙනහිරින් දොරටු තුනක්ද, උතුරෙන් දොරටු තුනක්ද, දකුණෙන් දොරටු තුනක්ද, බස්නාහිරින් දොරටු තුනක්ද තිබුණේය.නුවර පවුරට අත්තිවාරම් දොළොසක් තිබුණේය, ඒවා පිට බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාම දොළොස ලියා තිබුණේය.මා සමඟ කථාකළ තැනැත්තාට නුවරද එහි දොරටුද එහි පවුරද මනින පිණිස මිම්මක් කොට රන් දණ්ඩක් තිබුණේය.නුවර සතරැස්ව පිහිටා තිබේ, එහි දිගද පළලේ ප්‍රමාණයට තිබේ. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. එය පර්ලොං දොළොස් දහසක්ය. එහි දිගත් පළලත් උසත් එක සමානය.ඔහු එහි පවුර මැන්නේය, ඒක මිනිහෙකුගේ එනම් දේවදූතයෙකුගේ මිම්මෙන් එකසිය හතළිස්හතර රියනක්ය.එහි පවුර සූර්යකාන්තිවලින් ගොඩනගා තිබුණේය. නුවරද පවිත්‍ර වීදුරුවලට සමානවූ පවිත්‍ර රන්ය.නුවර පවුරේ අත්තිවාරම් සියලු ආකාර අනර්ඝ ගල්වලින් සරසා තිබුණේය. පළමුවෙනි අත්තිවාරම සූර්යකාන්තියය; දෙවෙනි එක නීලකාන්තියය; තුන්වෙනි එක වර්ණකාන්තියය; සතරවෙනි එක මරකතයය;තවද තමාගේ පුරුෂයාට සරසනලද මණමාලියෙකු මෙන් සූදානම්කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි.පස්වෙනි එක නාඛමාණික්‍යය; සවෙනි එක ලෝහිතංකයය; සත්වෙනි එක රන්කාන්තියය; අටවෙනි එක වෛදුර්ය; නවවෙනි එක පුෂ්පරාගයය; දසවෙනි එක ගෝමේදයය; එකළොස්වෙනි එක පද්මරාගයය; දොළොස්වෙනි එක අඹතෙස්ය.දොරටු දොළොස මුතු දොළොසක්ය; එක එක දොරටුව එක එක මුතුඇටයකින් සාදා තිබුණේය. නුවර වීථිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පවිත්‍ර රන්ය.මම එහි දේවමාළිගාවක් නුදුටිමි. මක්නිසාද සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේද බැටළුපැටවාණෝද එහි දේවමාළිගාවය.දෙවියන්වහන්සේගේ තේජසින් නුවර ආලෝකවූ බැවින්ද බැටළුපැටවාණන් එහි පහන වන බැවින්ද එහි බැබළීමට සූර්යයාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත.ජාතීහු එහි එළියෙහි ඇවිදිති. පොළොවේ රජවරු තමුන්ගේ තේජස ඊට ගෙනෙති.එහි දොරටු දවාලේ කිසිසේත් වසනු නොලබන්නේය. මක්නිසාද එහි රාත්‍රියක් නොවන්නේය.ඔව්හු ජාතීන්ගේ තේජසත් ගෞරවයත් ඊට ගෙනෙනවා ඇත.බැටළුපැටවාණන්ගේ ජීවන-පොතෙහි ලියනලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දයෙක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේය.තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක.උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.