Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 9:27 - Sinhala Revised Old Version

27 ඔහු සතියකට බොහෝ දෙනෙකු සමඟ ගිවිසුමක් ස්ථිරකොට, සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය; පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන පිට එන්නේය; පාළුකරන දේ පිටට නියමවූ තීන්දුව දක්වාම උදහස වගුරුවනු ලබන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඒ අධිපතියා බොහෝ දෙනෙකු සමඟ සතියකට වලංගු ගිවිසුමක් කරගන්නේ ය. සතියේ භාගයක් තුළ යාග ද ආහාර පූජා ද නවත්වනු ලැබේ. මේ සියල්ලේ උග්‍රාවස්ථාවේ දී බිහිසුණු දූෂිතය දේව මාලිගාව මත පැමිණෙන්නේ ය. මෙසේ වන්නේ, අන්තිමේ දී බිහිසුණු දූෂිතයට නියම කර ඇති විනාශය පැමිණෙන තුරු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:27
43 හුවමාරු යොමු  

එබැවින් අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියනලද පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද (කියවන්නා තේරුම් ගනීවා),


එහෙත් යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න.


දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය.


තවද පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා.


රජද තමාගේ කැමැත්තේ හැටියට කර, සියලු දෙවිවරුන්ට විරුද්ධව උසස්වී, උඩඟුවී, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේටත් විරුද්ධව අපූරු දේ කථාකරනවා ඇත. උදහස තීන්දුවෙන තුරුද ඔහු සඵලවෙනවා ඇත; මක්නිසාද නියමය ඉෂ්ටවන්නේය.


එවිට ශුද්ධවන්තයෙක් කථාකරනවා ඇසීමි; තවත් ශුද්ධවන්තයෙක් කථාකළ තැනැත්තාට කියනුයේ: දවස්පතා පූජාවත් නාස්තිකරන අපරාධයත් ගැන පෙනුණු දර්ශනයේ හැටියට ශුද්ධස්ථානය සහ සේනාවත් පාගාදැමීමට කොපමණ කල් යනවා ඇද්දැයි ඇසුවේය.


නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.


නුමුත් වරද යම්සේද නොමිලයේ දීමනාව එසේ නොවේ. මක්නිසාද එක්කෙනාගේ වරදෙන් බොහෝදෙනා මළාහු නම්, ඊටත් වඩා දෙවියන්වහන්සේගේ කරුණාවත් එකම මනුෂ්‍යයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් වූ දීමනාවත් බොහෝ දෙනා සඳහා වැඩිවූයේය.


බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය;


මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය.


උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරණකොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන්වහන්සේම දරාගන්නවා ඇත.


ස්වාමීන්වහන්සේ වන මම ධර්මිෂ්ඨකමින් නුඹ අඬගසාගතිමි, මම නුඹේ අත අල්ලාගන, නුඹ ආරක්ෂා කොට, සෙනඟගේ ගිවිසුමක් සහ ජාතීන්ගේ එළියක්ද කොට නියමකරන්නෙමි.


ඒ නිසා නුඹලාගේ බැඳුම් තද නොවන පිණිස නින්දාකරන්නෝ නොවෙන්න. මක්නිසාද මුළු දේශයට විරුද්ධව විනාශයක් නියමකර තිබෙන බව මම සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේගෙන් ඇසීමි.


බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.


මේ ආකාරයෙන් මුළු ඉශ්‍රායෙල් ගළවනු ලබන්නේය. ඒ හැටියට, සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ එනසේක; උන්වහන්සේ යාකොබ්ගෙන් අභක්තිය දුරුකරනසේක.


මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරණකොටගෙන බොහෝදෙනා පව්කාරයන් කරනු ලැබුවා සේම, එක්කෙනාගේ කීකරුකම කරණකොටගෙන බොහෝදෙනා ධර්මිෂ්ඨකරනු ලබන්නෝය.


ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.


මක්නිසාද යූදාහි දරුවෝ මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔවුන් තමුන්ගේ පිළිකුල් දේවල් එහි තබා තිබේ.


ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහකොට, පාළුකරන පිළිකුල පිහිටුවනවා ඇත.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.


සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;


අපි මරණය සමඟ ගිවිසුමක් කොට ‍පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.


ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නේය, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට පීඩාකරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට සිතන්නේය; කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔව්හු ඔහු අතට භාරදෙනු ලබන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්